Last Update  :  2025-07-26 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕෂධ - සහන් මහනුවර දිනවති
එන්.එස්.එල් එක්දින තරගාවලිය

ඕෂධ - සහන් මහනුවර දිනවති

editorial - 2022 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(රොෂාන් ගුණරත්න)

ඕෂධ ප්‍රනාන්දුගේ (නොදැවී 85) සහ සහන් ආරච්චිගේ (64) අර්ධ ශතක හමුවේ කොළඹ පිලට එරෙහිව මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැති නැෂනල් සුපර් ලීග් තරගාවලියේ 15 වැනි තරගය කඩුලු 6 කින් ජය ගැනීමට මහනුවර පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 272 ක ඉලක්කයක් හඹාගිය මහනුවර පිල ඕවර 48.5 කදී කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය පසුකිරීමට සමත්විය.

ඕෂධ ප්‍රනාන්දු සහ සහන් ආරච්චිගේ අර්ධ ශතක ලබාගනිමින් මහනුවර පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ. මහනුවර පිල ජයග්‍රහණය කරා ගෙන යමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටි ඕෂධ ප්‍රනාන්දු පන්දු 94 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 85 ක් ලබාගත් අතර සහන් ආරච්චිගේ පන්දු 76 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 64 ක් ලබාගත්තේය. පුලින තරංග පන්දු 22 කදි හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 32 ක් ලබාගනිමින් මහනුවර පිලේ ජයග්‍රහණයට දායක විය.

ඕෂධ ප්‍රනාන්දු සහ සහන් ආරච්චිගේ එක්ව සිව්වැනි කඩුල්ල සඳහා පන්දු 136 කදී ලකුණු 128 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්වූහ.

ළහිරු මදුශංක ලකුණු 34 කට කඩුලු 2 ක් දවාගත්තේය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොළඹ පිල ඕවර 49.3 කදී සියලුදෙනා දැවී ලකුණු 271 ක් රැස්කිරිමට සමත්විය.

නුවනිඳු ප්‍රනාන්දු පන්දු 133 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 112 ක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වුවද ඔහුගේ ශතකය අපතේ ගියේය. සම්මු අශාන් පන්දු 70 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 62 ක් ලබාගත් අතර දිමුත් කරුණාරත්න ලකුණු 29 ක් සහ අශේන් බණ්ඩාර ලකුණු 20 ක් ලබාගැනීමට සමත්වූහ.

අසිත ප්‍රනාන්දු සහ පුලින තරංග කඩුලු 3 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

කොළඹ - ඕවර 49.3 කදී සියලුදෙනා දැවී 271
(දිමුත් කරුණාරත්න 29, නුවනිඳු ප්‍රනාන්දු 112, සම්මු අශාන් 62, අශේන් බණ්ඩාර 20, අසිත ප්‍රනාන්දු 41/3, පුලින තරංග 66/3)

මහනුවර - ඕවර 48.5 කදී කඩුලු 4 ක් දැවී 272
(ළහිරු උදාර 34, කවීන් බණ්ඩාර 25, ඕෂධ ප්‍රනාන්දු නොදැවී 85, සහන් ආරච්චිගේ 64, පුලින තරංග නොදැවී 32, ළහිරු මදුශංක 34/2)


අදහස් (0)

ඕෂධ - සහන් මහනුවර දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.