Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕමාන පිතිකරුවෝ නිව්ගිනියාවට රිදෙන්නම තලති

ඕමාන පිතිකරුවෝ නිව්ගිනියාවට රිදෙන්නම තලති

editorial - 2021 ඔක් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


කිසිදු අපහසුතාවකින් තොරවම, ලකුණු 130 ක ඉලක්කයක් කරා ගිය  ඕමාන පිතිකරුවෝ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් අද (17 වැනිදා)  ඕමානයේදී පැවැති පළමු තරගයේදීම කඩුලූ 10 ක අති විශිෂ්ට ජයක් ලබාගත්හ. ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ අකිබ් ඉල්යාස් සහ ජායිතින්දර් සිං දෙදෙනා ඕවර 13.4 කදී ඉලක්කය පසුකර ගියහ.

ජායිතින්දර් සිං තරගය අවසන් කළේ චාල්ස් අමිනි හමුවේ ගැසූ දැවැන්ත හයේ පහරකිනි. පන්දු 42 කට මුහුණ දුන් ජායිතින්දර් සිං හතරේ පහර 7 කින් සහ අලංකාර හයේ පහර 4 කින් සිය ඉනිම සැරසීය. අකිබ් ඉල්යාස්ගේ ඉනිම හතරේ පහර 5 කින් සහ හයේ පහරකින් සමන්විත විය.

 ඕමාන නායක සීශාන්ත් මක්සූද්ගේ සාර්ථක පන්දු යැවීම හේතුවෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් පැපුවා නිව්ගිනියානු කණ්ඩායම ලකුණු 129 කට සීමා විය.

ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු නොලබා දැවී ගිය නමුත් තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 81 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ අසාද් වාලා (56) සහ චාල්ස් අමිනි (37) සාර්ථක ගමනක් යාමේ මාවත විවර කර දුන්හ. එහෙත් අසාද් වාලා දැවී යාමත් සමගින් පැපුවා නිව්ගිනියානු පිතිකරුවෝ වල්මත් වූහ.

වරෙක කඩුලූ 3 කට ලකුණු 100 ක් ව තිබූ පැපුවා නිව්ගිනියානු ලකුණු පුවරුව,  ඕවර 3.1 ක් ඇතුළතදී ලකුණු 116 ට කඩුලූ 9 ක් ලෙසින් වෙනස් විය. තුන්වැනි කඩුල්ල බිඳ වැටීමෙන් පසුව යැවුණු පන්දු 51 කදී පැපුවා නිව්ගිනියානු පිතිකරුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 48 ක් පමණි.

ශී‍්‍ර ලංකාව සමග පැවැති තරග දෙකේදේම සාර්ථක පන්දු යැවීමක නිරත වූ කලීමුල්ලා විසින් අසාද් වාලා දවාගන්නා ලදි. ඊළඟ ඕවරය යැවූ නායක සීශාන් මක්සූද් එම  ඕවරයේදී පිතිකරුවන් තිදෙනකුම ආපසු කී‍්‍රඩාගාරයට යවමින්  ඕමාන කණ්ඩායමට තරගයේ වාසිය ගෙන දුන්නේය.

සිය  ඕවර 4 ලකුණු 20 කට සීමාකරගත් සීශාන් මක්සූද් කඩුලූ 4 ක් දවාගනිමින් විස්සයි-20 තරගයකදී  ඕමානය වෙනුවෙන් හොඳම පන්දු යැවීම වාර්තා කළේය.


පැපුවා නිව්ගිනියාව -  ඕවර 20 කදී කඩුලූ 9 ක් දැවී 129 යි
(අසාද් වාලා 56, චාල්ස් අමිනි 37, සේසේ බාවු 13, බිලාල් ඛාන් 16/2, කලීමුල්ලා 19/2, සීශාන් මක්සූද් 20/4)

 ඕමානය -  ඕවර 13.4 කදී කිසිවකු නොදැවී 131
(අකිබ් ඉල්යාස් නොදැවී 50, ජායිතින්දර් සිං නොදැවී 73)

 

- 213

 


අදහස් (0)

ඕමාන පිතිකරුවෝ නිව්ගිනියාවට රිදෙන්නම තලති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.