Last Update  :  2024-05-08 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕඩන් - රනිත්මා ශූරතා දිනති

ඕඩන් - රනිත්මා ශූරතා දිනති

editorial - 2024 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ අධීක්ෂණය යටතේ දකුණු පළාත් බැඞ්මින්ටන් සංගමය සංවිධාන කළ දකුණු පළාත් සමස්ත ලංකා විවෘත බැඞ්මින්ටන් තරගාවලියේ විවෘත පිරිමි කේවල ශූරතාව දිනා ගැනීමට ඉන්දුනීසියානු ජාතික ඕඩන් ලෙෆිසන් සමත් විය. එහි කාන්තා ශූරතාව දිනාගනු ලැබුවේ රනිත්මා ලියනගේ විසිනි. 

ගාල්ල, දඩැල්ලේ දිස්ත්‍රික් බැඞ්මින්ටන් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගාවලියේ පිරිමි කේවල  අවසන් තරගයේදී වට 2-0 ක් ලෙස තිළිණ රාජකරුණා පරාජය කිරීමට ඕඩන් සමත් වූ අතර කාන්තා කේවල අවසන් තරගයේදී වට 2-0 ක් ලෙස ලෙස වරංගනා ජයවර්ධන පරාජය කිරීමට රනිත්මා ලියනගේ සමත් වූවාය. 

ආශිංස හේරත් සහ ඕඩන් ලෙෆිසන් වට 2-0 කින් පරාජය කළ මධුක දුලාංජන සහ ළහිරු මධුෂාන් පිරිමි යුගල ශූරතාව දිනාගත් අතර රෂ්මි භාග්‍යා සහ වරංගනා ජයවර්ධන 2-1 කින් පරාජය කළ අනුරංගි හංසමාලි සහ විදාරා සුහස්නි කාන්තා යුගල ශූරතාව දිනාගත්හ. වට 2-1 ක් ලෙස රනිත්මා ලියනගේ සහ ඇලන් මේනකේ පරාජය කළ ඕඩන් ලෙෆිසන් සහ රේණු චන්ද්‍රිකා මිශ්‍ර යුගල ශූරතාවට හිමිකම් කීහ. 

අවුරුදු 19 න් පහළ බාලක කේවල ශූරතාව දිනාගැනීමට තිළිණ රාජකරුණා පරාජය කළ ෂෙනුක් සමරරත්න සමත් වෙද්දී, විවෘත කාන්තා කේවල ශූරතාව දිනූ රනිත්මා ලියනගේ අවුරුදු 19 න් පහළ බාලිකා කේවල ශූරතාව දිනා ගැනීමටද සමත් වූයේ සිතුකි ඕනදී අබේගුණවර්ධන පරාජය කරමිනි.  


තරග ප්‍රතිඵළ 
පිරිමි කේවල 
ඕඩන් ලෙෆිසන් විසින් වට 2-0 ක් ලෙස තිළිණ රාජකරුණා පරාජය කරන ලදි. (21/12, 21/11)
 
කාන්තා කේවල 
රනිත්මා ලියනගේ විසින් වට 2-0 ක් ලෙස වරංගනා ජයවර්ධන පරාජය කරන ලදි. (21/06, 21/09) 

පිරිමි යුගල 
මධුක දුලාංජන සහ ළහිරු මධුෂාන් විසින් වට 2-0 ක් ලෙස ආශිංස හේරත් සහ ඕඩන් ලෙෆිසන් පරාජය කරන ලදි. (21/19, 22/20) 

කාන්තා යුගල 
අනුරංගි හංසමාලි සහ විදාරා සුහස්නි විසින් වට 2-1 ක් ලෙස රෂ්මි භාග්‍යා සහ වරංගනා ජයවර්ධන පරාජය කරන ලදි. (13/21, 21/12, 21/16) 

මිශ්‍ර යුගල 
රනිත්මා ලියනගේ සහ ඇලන් මේනකේ විසින් වට 2-1 ක් ලෙස රනිත්මා ලියනගේ සහ ඇලන් මේනකේ පරාජය කරන ලදි. (21/16, 14/21, 21/17) 


අදහස් (0)

ඕඩන් - රනිත්මා ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.