Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඔසාකා යළිත් ජය මාවතේ

ඔසාකා යළිත් ජය මාවතේ

editorial - 2022 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පෙරහුරු තරගයකදී ප‍්‍රංශයේ ඇලිස් කෝනෙට් පරාජය කරමින් යළිත් වරක් ජයග‍්‍රහී මාවතට අවතීර්ණ වීමට ජපානයේ නයෝමි ඔසාකා සමත් වූවාය. ඉකුත් වසරේදී (2021) පැවැති ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත්වීමෙන් අනතුරුව ඇය සහභාගි වූ පළමු තරගය මෙයයි.

ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා 4 කට හිමිකම් කියන 24 හැවිරිදි ඔසාකා, මේ වන විට ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි 13 වැනි ස්ථානයේ පසුවන්නීය. ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ තෙවැනි වටයේදී පරාජයට පත්වීමත් සමග ඇය කෙටි විවේකයක් ලබාගැනීම සඳහා තරග බිමෙන් ඉවත්ව සිටියාය.

ඇලිස් කෝනෙට්ට එරෙහිව පැවැති පෙරහුරු තරගයේ පළමු වටය ලකුණු 6/4 ක් ලෙස ජයගත් ඔසාකා, දෙවැනි වටයේදී ඇලිස් හමුවේ ලකුණු 6/3 ක් ලෙස පරාජයට පත් වූවාය. කෙසේ වුවත් තෙවැනි වටය ලකුණු 6/3 ක් ලෙස ජයගත් ඔසාකා සමස්ත තරගයේ ජය තමන් සතුකර ගත්තාය.

”නැවත මෙහි (මෙල්බර්න් පිටියට) පැමිණීමට ලැබීම ගැන ඉතාමත් සතුටුයි. නරඹන්නන් ඉදිරියේ කී‍්‍රඩා කිරීම හුගක් ආස්වාද ජනකයි.” යැයි තරගයෙන් අනතුරුව පැවැති සාකච්ඡාවේදී ඔසාකා කියා සිටියාය.

මානසික ආතතිය හේතුවෙන් ඉකුත් වසරේදී (2021) පැවැති ප‍්‍රංශ විවෘත තරගාවලියෙන් සහ විම්බල්ඩන් තරගාවලියෙන්ද ඉවත් වූ ඔසාකා, ජූලි මස පැවැති ටෝකියෝ ඔලිම්පික් උළලේ මූලික වටයේ තරගයකදී පරාජයට පත්වූවාය.

-036

 


අදහස් (0)

ඔසාකා යළිත් ජය මාවතේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.