
ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ වීමට දින 5 ක් පමණක් ඉතිරිව තිබියදී, ටෝකියෝ නුවර ඔලිම්පික් ගම්මානයට ගිය ක්‍රීඩකයන් අතුරින් දෙදෙනකුට කොරෝනා වයිරසය අසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ක්‍රීඩකයන් දෙදෙනාට පමණක් නොව, ඔවුන්ගේ සමීපතමයන් කිහිප දෙනකුටත් කොරෝනා වයිරසය අසාදනය වී ඇතැයි තහවුරු වීම නිසා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සංවිධායකවරු මහත් කැළඹීමට පත්ව සිටිති.
ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීම සම්බන්ධයෙන් ජපන් ජාතිකයන් අතර ඇත්තේ බලවත් විරෝධයකි. ඊට ප්‍රධානතම හේතුව වන්නේ කොරෝනා වයිරසය ජපානයේ පැතිරේවි යන බියයි. ඔලිම්පික් ක්‍රීඩක ගම්මානයෙන් කොරෝනා ආසාදිතයන් හමුවූයේ ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පැමිණීම ආරම්භ වූවායින් පසුවය.
“මේ තුන් දෙනාම එකම රටකින් සහ එකම කණ්ඩායමකින්. ඔවුන්ව දැනටමත් ඔවුන්ගේ කාමර වල නිරෝධායනය කරලා තියෙන්නේ. ටෝකියෝ සංවිධාන කමිටුව ඔවුන්ට කෑම බීම සපයනවා” යයි තරගාවලි සංවිධායක කමිටුවේ සාමාජිකයෙක් පැවසීය.
කණ්ඩායමේ සෙසු සාමාජිකයන් සඳහාද මේ වන විටත් පරික්‍ෂණ කර තිබේ.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.