Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එළියකන්ද තරණය සති අන්තයේ මාතරදී

එළියකන්ද තරණය සති අන්තයේ මාතරදී

editorial - 2022 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජය 26 වැනි වරට සංවිධානය කරන ‘එළියකන්ද තරණය’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය හෙට (19 වැනිදා) සහ අනිද්දා (20 වැනිදා) පෙරවරු 8.00 සිට මාතර බ්‍රවුන්ස් කන්ද මාවතේදී පැවැත්වේ.

මේ වසරේදී (2022) පැවැත්වෙන දෙවැනි මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය මෙන්ම ජාතික මෝටර් රථ ශූරතාවලියට අයත් පළමු තරගාවලිය වන්නේද මෙයයි. මොබිල්-1 සමාගම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

සෙනසුරාදා පෙරවරු 8.00 සිට පස්වරු 1.00 දක්වා තරගකරුවන්ට පුහුණුවීම් සඳහා කාලය වෙන්කරදී ඇති අතර ඉරිදා පෙරවරු 7.00 ට තරගාවලිය නිල වශයෙන් ආරම්භ වේ. තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය ඉරිදා පස්වරු 2.00 සිට මාතර ඩච්මන් ස්ට්‍රීට් හෝටලයේදී පැවැත්වේ.   

මීටර් 600 ක දිගකින් යුත් තාර ඇතිරූ මාර්ගයක් වන බ්‍රවුන්ස් කන්ද මාවතේදී මෝටර් රථ ඉසව් 15 ක් සහ යතුරුපැදි ඉසව් 13 ක් පැවැත්වේ. එම ඉසව් සඳහා මෝටර් රථ රියැදුරන් 120 ක් සහ යතුරුපැදිකරුවන් 94 ක් සහභාගිවනු ඇතැයි සංවිධායකයෝ පවසති.  

සෑම ඉසව්වකම පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා කුසලාන සහ සහතික පත් පිරිනැමෙන අතර එහිදී අඩුම වේලාවකින් තරගය නිමා කරන මෝටර් රථ රියැදුරා තරගාවලියේ දක්ෂතම රියැදුරා ලෙසත්, අඩුම වේලාවකින් තරගය නිමා කරන යතුරුපැදිකරු තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙසත් සම්මාන ලැබීමට නියමිතය.

ඉකුත් වසරේ (2021) පැවැති එළියකන්ද තරණයේදී දක්ෂතම රියැදුරා ලෙස සම්මාන දිනාගැනීමට එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 3500 දක්වා) මෝටර් රථ තරගයට සහභාගි වූ අශාන් සිල්වා සමත් විය. එහිදී අශාන් සිල්වාට, ආරම්භයේ සිට අවසානය දක්වා ගමන් වාරයක් නිමා කිරීම සඳහා වැය වූ අවම කාලය තත්පර 31.26 කි.

එම වසරේදී අවම කාලයකින් (තත්පර 33.63 කින්) ගමන් වාරයක් නිමා කළ යතුරුපැදිකරුවා ලෙස සම්මාන හිමිකරගනු ලැබුවේ ජේඩ්න් ගුණවර්ධන විසිනි. ඔහු එම සම්මානයට හිමිකම් කීවේ එස්.එම්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 250 දක්වා) සුපර් මෝටාඩ් විවෘත යතුරුපැදි තරගය ජය ගනිමිනි.

 


අදහස් (0)

එළියකන්ද තරණය සති අන්තයේ මාතරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.