Last Update  :  2025-05-05 10:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එස්.එස්.සී පිල අවසන් තරගයට

එස්.එස්.සී පිල අවසන් තරගයට

රොෂාන් ගුණරත්න - 2021 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට එස්.එස්.සී පිල අද (18 වැනිදා) සමත්විය. එන්.සී.සී ක්‍රීඩාංගණයේදී පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී සී.සී.සී පිල ලකුණු 32 කින් පරාජය කරමින් අවසන් තරගයට පිවිසිමට එස්.එස්.සී පිලට හැකිවිය.

කාසියේ වාසිය දිනාගත් සී.සී.සී පිල පළමුව පන්දුවට පහරදීම සඳහා එස්.එස්.සී පිලට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේදී කඩුලු 4 ක් දැවී ලකුණු 159 ක් රැස්කිරීමට ඔව්හු සමත්වූහ.

වේගවත් ආරම්භයක් ලබාගත් නිපුන් ධනංජය සහ අවිශ්ක ප්‍රනාන්දු පළමු කඩුල්ල සඳහා පන්දු 68 කදී ලකුණු 88 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් සාර්ථක අඩිතාලමක් දැමූහ. අවිශ්ක ප්‍රනාන්දු පන්දු 48 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 65 ක් ලබාගත් අතර නිපුන් ධනංජය පන්දු 30 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 34 ක් ලබාගැනීමට සමත්විය.

චරිත් අසලංකට සහ නුවනිඳු ප්‍රනාන්දුට ලකුණු අතරට පැමිණීමට අවස්ථාක් ලබානොදු මාලින්ද පුෂ්පකුමාර ඔවුන් දෙදෙනා දවාගැනීමට සමත්වූහ.

පස්වැනි කඩුල්ල සඳහා පන්දු 17 කදී ලකුණු 34 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගූ සම්මු අෂාන් (නොදැවී 18) සහ තරිඳු රත්නායක (නොදැවී 15) එස්.එස්.සී පිල ලකුණු 150 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 160 ක ඉලක්කයක් හඹාගිය සී.සී.සී පිලට ඕවර 19.3 කදී සියලුදෙනා දැවී රැස්කිරිමට හැකිවූයේ ලකුණු 127 ක් පමණි. පළමු කඩුලු 3 ලකුණු 6 ක් තුල දැවීයාමෙන් ඇද වැටුණු සී.සී.සී පිල ගොඩගැනීමට රොන් චන්ද්‍රගුප්ත සහ අෂාන් ප්‍රියංජන් උත්සහ කළද එයත් අසාර්ථක කිරීමට එස්.එස්.සී පන්දු යවන්නෝ සමත්වූහ.

රොන් චන්ද්‍රගුප්ත පන්දු 45 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 55 ක් ලබාගත් අෂාන් ප්‍රියංජන් පන්දු 15 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 21 ක් ලබාගත්තේය.

සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට ඒමට අවස්ථාවක් ලබානොදුන් පන්දු යවන්නෝ එස්.එස්.සී පිල ජයග්‍රහණය කරා රැගෙන ගියහ. ප්‍රභාත් ජයසූරිය කඩුලු 3 ක් ද, ජෙෆ්රි වැන්ඩසේ, හිමේෂ් රාමනායක සහ තරිඳු රත්නායක කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


එස්.එස්.සී  - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 159
(නිපුන් ධනංජය 34, අවිශ්ක ප්‍රනාන්දු 65, මාලින්ද පුෂ්පකුමාර 33/2)

සී.සී.සී  - ඕවර 19.3 කදී සියලුදෙනා දැවී 127
(රොන් චන්ද්‍රගුප්ත 55, අෂාන් ප්‍රියංජන් 21, ප්‍රභාත් ජයසූරිය 16/3, ජෙෆ්රි වැන්ඩසේ 17/2, හිමේෂ් රාමනායක 23/2, තරිඳු රත්නායක 29/2)


අදහස් (0)

එස්.එස්.සී පිල අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.