Last Update  :  2024-05-06 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එස්.එස්.සී. පිල අවසන් පූර්ව වටයට
අන්තර් සමාජ පළමු පෙළ

එස්.එස්.සී. පිල අවසන් පූර්ව වටයට

editorial - 2024 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු කොටසේ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් පළමු කණ්ඩායම බවට පත්වීමට සිංහල ක්‍රීඩා සමාජය (එස්.එස්.සී.) සමත් විය. මූලික වටය යටතේ යුද හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව අද (7 වැනිදා) පැවැති තරගයකදී කඩුලු 4 ක ජයක් වාර්තා කරමින් එස්.එස්.සී. කණ්ඩායම අවසන් පූර්ව වටයේ ස්ථානයක් තහවුරු කර ගත්තේය. 

එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති එම තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 208 ක ඉලක්කයක් හඹාගිය එස්.එස්.සී. ක්‍රීඩකයෝ, ඕවර 44.2 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ඉලක්කය පසුකර ගියහ. ඉතා ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ නායක නිපුන් ධනංජය, පන්දු 85 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 67 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය. 

ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක පන්දු 37 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 41 ක්ද, ක්‍රිෂාන් සංජුල පන්දු 60 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 40 ක්ද, රනුද සෝමරත්න පන්දු 49 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 34 ක්ද රැස්කරමින් එස්.එස්.සී. කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා දායකත්වය දැක්වූහ. 

අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නා විට මූලික වටයේ තරග 10 කට ක්‍රීඩා කර තිබූ එස්.එස්.සී. කණ්ඩායම, ඉන් තරග 7 ක් ජයගෙන, එක් තරගයක් පරාජය වෙමින් ලකුණු 16 ක් හිමි කරගෙන සිටි අතර ඔවුන් සහභාගි වූ තරග 2 ක් වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය. 

මූලික වටයේ තවත් තරග 10 ක් එළබෙන 10 වැනිදා පැවැත්වීමට නියමිත අතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගන්නා සෙසු කණ්ඩායම් 3 එම තරග අවසන් වීමෙන් පසුව තීරණය වනු ඇත. ‘ඒ’ කාණ්ඩයෙන් කණ්ඩායම් දෙකකටද, ‘බී’ කාණ්ඩයෙන් එක් කණ්ඩායමකටද අවසන් පූර්ව වටයට පිවිසීමට අවස්ථාව තිබේ. 

අද පැවැති සෙසු තරගවලදී ජයග්‍රහණ වාර්තා කිරීමට මුවර්ස්, සී.සී.සී., පොලිස්, සෙබස්තියනයිට්ස්, ගාල්ල, බී.ආර්.සී., එන්.සී.සී., බදුරලිය සහ බ්ලූම්ෆීල්ඞ් යන ක්‍රීඩා සමාජ සමත් වූ අතර එම තරගවලදී පිළිවෙලින් ද්‍රවිඩ සංගම්, කෝල්ට්ස්, කුරුණෑගල යොවුන්, මීගමුව, ගුවන් හමුදා, ඒස් කැපිටල්, නුගේගොඩ, පානදුර සහ මහනුවර රේගු යන ක්‍රීඩා සමාජ පරාජයට පත් විය. 

එහිදී යුද හමුදා පිලේ අසේල ගුණරත්න (72) සහ ලක්ෂාන් එදිරිසිංහ (74) ද, පොලිස් පිලේ හේෂාන් ධනුෂ්ක (නොදැවී 52) සහ විෂාද් රණ්දික (නොදැවී 95) ද, ගාල්ල පිලේ ඉරෝෂ් සමරසූරිය (61) සහ ශාලිත් ප්‍රනාන්දු (නොදැවී 77) ද, එන්.සී.සී. පිලේ කමිල් මිෂාර (65) සහ චාමික කරුණාරත්න (61) ද අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ. 

ඔවුන්ට අමතරව මුවර්ස් පිලේ පසිඳු සූරියබණ්ඩාර (නොදැවී 50), කෝල්ට්ස් පිලේ හෂාන් දුමිඳු 72, සී.සී.සී. පිලේ පවන් රත්නායක (නොදැවී 88), කුරුණෑගල යොවුන් පිලේ තරින්ද විජේසිංහ (72), නුගේගොඩ පිලේ තිලකරත්න සම්පත් (58), බදුරලිය පිලේ අයන සිරිවර්ධන (92), මහනුවර රේගු පිලේ සහන් කෝසල (නොදැවී 51) ද අර්ධ ශතක ලබාගත්හ. 

මේ අතර ඒස් කැපිටල් ක්‍රීඩා සමාජයට එරෙහිව කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදී ලකුණු 53 කට කඩුලු 8 ක් දවාගනිමින් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වීමට බී.ආර්.සී. ක්‍රීඩා සමාජයේ මර්වින් අභිනාෂ් සමත් විය. ඔහුගේ පන්දු යැවීම හේතුවෙන් බී.ආර්.සී. කණ්ඩායම එම තරගයෙන් ලකුණු 30 ක ජයක් හිමිකර ගත්තේය. 


කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී 
එස්.එස්.සී. පිලට කඩුලු 4 ක ජයක් 
යුද හමුදා පිල ඕවර 41.1 කදී - සියලු දෙනා දැවී 207 
(දිනේෂ් චන්දිමාල් 15, අසේල ගුණරත්න 72, ලක්ෂාන් එදිරිසිංහ 74, කවිඳු නදීෂාන් 42/4, චමිඳු වික්‍රමසිංහ 31/2, ප්‍රභාත් ජයසූරිය 48/2) 
එස්.එස්.සී. පිල ඕවර 44.2 කදී - කඩුලු 6 ක් දැවී 213 
(ධනුෂ්ක ගුණතිලක 41, ක්‍රිෂාන් සංජුල 40, නිපුන් ධනංජය නොදැවී 67, රනුද සෝමරත්න 34, ෂෙහාන් ප්‍රනාන්දු 28/3) 


කොළඹ මුවර්ස් ක්‍රීඩාංගණයේදී 
මුවර්ස් පිලට කඩුලු 5 ක ජයක් 
ද්‍රවිඩ සංගම් පිල ඕවර 35.5 කදී - සියලු දෙනා දැවී 115  
(සිතාර හපුහින්න 34, රොන් චන්ද්‍රගුප්ත 25, ඉම්තියාස් සල්සා 11/3, ප්‍රවීන් ජයවික්‍රම 23/3, තීෂාන් විතුෂාන් 09/2, රමේෂ් මෙන්ඩිස් 29/2) 
මුවර්ස් පිල ඕවර 29.4 කදී - කඩුලු 5 ක් දැවී 120  
(පසිඳු සූරියබණ්ඩාර නොදැවී 50, රමේෂ් මෙන්ඩිස් නොදැවී 27, ශිරාන් ප්‍රනානදු 23/2, දිලුම් සුදීර 26/2) 


කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී 
සී.සී.සී. පිලට කඩුලු 6 ක ජයක් 
කෝල්ට්ස් පිල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 227    
(සංගීත් කුරේ 23, ෂෙරාන් ෆොන්සේකා 36, හෂාන් දුමිඳු 72, ධනංජය ලක්ෂාන් 16, මුදිත ලක්ෂාන් 22, ජෙහාන් ඩැනියෙල් 27, චමිඳු විජේසිංහ 48/3, ධනංජය ද සිල්වා 11/2, අසිත ප්‍රනාන්දු 54/2) 
සී.සී.සී. පිල - ඕවර 42.1 කදී කඩුලු 4 ක් දැවී 228  
(නිමේෂ ගුණසිංහ 39, මිනෝද් භානුක 16, ධනංජය ද සිල්වා 16, කමිඳු මෙන්ඩිස් 36, පවන් රත්නායක නොදැවී 88, සොනාල් දිනූෂ නොදැවී 26, උදිත මධුෂාන් 33/2) 


තිඹිරිගස්යාය පොලිස් ක්‍රීඩාංගණයේදී 
පොලිස් පිලට කඩුලු 8 ක ජයක් 
කුරුණෑගල යොවුන් පිල ඕවර 47.4 කදී - සියලු දෙනා දැවී 186  
(ගයාන් මනීෂ 38, තරින්ද විජේසිංහ 72, නවීන් ප්‍රනාන්දු 20, චතුරංග කුමාර 29/3, නලින් ප්‍රියදර්ෂන 31/3, දිලීප ජයලත් 38/3) 
පොලිස් පිල ඕවර 42.2 කදී - කඩුලු 2 ක් දැවී 188
(හේෂාන් ධනුෂ්ක නොදැවී 52, ධනුජ ඉඳුවර 35, විෂාද් රණ්දික නොදැවී 95) 


කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේදී 
සෙබස්තියනයිට්ස් පිලට ලකුණු 96 ක ජයක් 
සෙබස්තියනයිට්ස් පිල ඕවර 50 කදී - කඩුලු 8 ක් දැවී 207 
(ඉසිවර දිසානායක 40, තෙවිඳු සේනාරත්න 40, ප්‍රමෝද් මධුවන්ත 27, සචිත ජයතිලක 31, තරිඳු රත්නායක නොදැවී 31, උපුල් ඉන්ද්‍රසිරි 20/2, නිෂාන් පීරිස් 57/2) 
මීගමුව පිල ඕවර 37 කදී - සියලු දෙනා දැවී 111 
(ඇන්ජලෝ ජයසිංහ 23, හිමාෂ ලියනගේ නොදැවී 43, ප්‍රමෝද් මධුවන්ත 01/2, සචිත ජයතිලක 09/2, චාමික එදිරිසිංහ 21/2, ඉසිත විජේසුන්දර 27/2) 


කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී 
ගාල්ල පිලට කඩුලු 7 ක ජයක් 
ගුවන් හමුදා පිල ඕවර 49.1 කදී - සියලු දෙනා දැවී 183  
(විහඟ රුවනාර 21, ප්‍රබෝද ශ්‍රීමාල් 37, කෙමිර විජේනායක 19, සෙනාෂ් ප්‍රනාන්දු 33, ප්‍රවීන් ද සිල්වා නොදැවී 19, මධුෂංක ප්‍රේමරත්න 17, උමේග චතුරංග 27/4, චානක දේවින්ද 23/2, පසිඳු මධුෂාන් 32/2) 
ගාල්ල පිල ඕවර 48 කදී - කඩුලු 3 ක් දැවී 186 
(ඉරෝෂ් සමරසූරිය 61, ශාලිත් ප්‍රනාන්දු නොදැවී 77, තරින්ද ගුරෙැගේ නොදැවී 28) 


කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී 
බී.ආර්.සී. පිලට ලකුණු 30 ක ජයක් 
බී.ආර්.සී. පිල ඕවර 41.5 කදී - සියලු දෙනා දැවී 143   
(සවින් ගුණසේකර 15, ලක්ෂාන් ගමගේ 34, දුෂාන් හේමන්ත 20, නිමන්ද මධුෂංක 27, රොෂාන් ජයතිස්ස 30/3, රවිඳු රත්නායක 18/2, පවන්ත වීරසිංහ 25/2) 
ඒස් කැපිටල් පිල ඕවර 20.2 කදී - සියලු දෙනා දැවී 113 
(රොෂාන් ජයතිස්ස 25, වනුජ සහන් 32, රවිඳු රත්නායක 17, මර්වින් අභිනාෂ් 53/8, සසික දිල්ෂාන් 19/2) 


මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී 
එන්.සී.සී. පිලට ලකුණු 46 ක ජයක් 
එන්.සී.සී. පිල - ඕවර 50 කදී කඩුලු 9 දැවී 250
(නිරෝෂන් දික්වැල්ල 28, ළහිරු උදාර 40, කමිල් මිෂාර 65, අසේල් සිගේරා 22, චාමික කරුණාරත්න 61, තිලකරත්න සම්පත් 59/4, සඳුන් මධුෂංක 42/3) 
නුගේගොඩ පිල - ඕවර 46.4 කදී සියලු දෙනා දැවී 204
(අක්‍රම් මුතාලිබ් 41, තිලකරත්න සම්පත් 58, රුමේෂ් බුද්ධික 28, රාහුල් ගුණසේකර 19, රිසිත උපමාල් 16, අෂීන් ඩැනියෙල් 20/2, ලසිත් ඇඹුල්දෙණිය 36/2, චාමික ගුණසේකර 50/2) 


මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී 
බදුරලිය පිලට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 32 ක ජයක් 
පානදුර පිල ඕවර 46.4 කදී - සියලු දෙනා දැවී 184 
(රමින්ද විජේසූරිය 42, නිමේෂ් විමුක්ති 43, යෂෝධ මෙන්ඩිස් 37, නිමන්ත පීරිස් නොදැවී 20, චානක කොමසාරු 44/4, අලංකාර අසංක 17/2) 
බදුරලිය පිල ඕවර 27.3 කදී - කඩුලු 7 ක් දැවී 178  
(අයන සිරිවර්ධන 92, අනුක් ප්‍රනාන්දු නොදැවී 45, නිමේෂ් විමුක්ති 49/4) 


කොළඹ බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී 
බ්ලූම්ෆීල්ඞ් පිලට ලකුණු 37 ක ජයක් 
බ්ලූම්ෆීල්ඞ් පිල ඕවර 44.3 කදී - සියලු දෙනා දැවී 161  
(යොහාන් ද සිල්වා 29, නිපුන් කරුණානායක 31, චමත් වික්‍රමසිංහ 17, දිනෙත් සමරවීර 18, මිතුන් ජයවික්‍රම 32/3, යොහාන් මැද්දගේ 25/2, නිසල ආකාෂ් 38/2) 
මහනුවර රේගු පිල ඕවර 30.3 කදී - සියලු දෙනා දැවී 124 
(සහන් කෝසල නොදැවී 51, රෂ්මික මධුෂංක 21, යොහාන් මැද්දගේ 15, ළහිරු මධුෂංක 29/4, මනෙල්කර් ද සිල්වා 16/2) 


අදහස් (0)

එස්.එස්.සී. පිල අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.