Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එස්.එස්.සී. - පොලිස් ක්‍රීඩා සමාජ පෙරමුණ ගනී

එස්.එස්.සී. - පොලිස් ක්‍රීඩා සමාජ පෙරමුණ ගනී

editorial - 2023 නොවැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘මේජර් ලීග්’ අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ 9 වැනි සතිය නිමාවට පත්වන විට ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සිංහල ක්‍රීඩා සමාජයද (එස්.එස්.සී.), ‘බී’ කාණ්ඩායමේ පෙරමුණ ගැනීමට පොලිස් ක්‍රීඩා සමාජයද සමත් වී තිබේ. 

මේ දක්වා තරග 8 කට ක්‍රීඩා කර ඇති එස්.එස්.සී. ක්‍රීඩා සමාජය ඉන් තරග 3 ක් ජයගෙන සෙසු තරගය 5 ම ජය පැරදුමෙන් තොරව අවසන් කරගනිමින් ලබා සිටින ලකුණු සංඛ්‍යාව 84.395 කි. පොලිස් ක්‍රීඩා සමාජය ලකුණු 90.005 ක් ලබා සිටින්නේ මෙතෙක් සහභාගි වූ තරග 8 න් 3 ක් ජයගෙන, සෙසු තරග 5 ජය පැරදුමෙන් තොරව අවසන් කරගනිමිනි. 

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය ලකුණු 70.975 ක් ලබා ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයේද, රාගම ක්‍රීඩා සමාජය ලකුණු 70.110 ක් ලබා එම කාණ්ඩයේ තෙවැනි ස්ථානයේද රැදී සිටිති. ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය සහ එන්.සී.සී. ක්‍රීඩා සමාජය ‘බී’ කාණ්ඩයේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවෙන්නේ පිළිවෙලින් ලකුණු 82.775 ක් සහ 78.775 ක් ලබාගනිමිනි. 

මෙතෙක් පැවැති තරගවලදී වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට එන්.සී.සී. ක්‍රීඩා සමාජයේ ළහිරු උදාර සමත්ව සිටින අතර තරග 8 ක ඉනිම් 14 කදී ශතක 3 ක් සහ අර්ධ ශතක 4 ක් සමග ඔහු රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 719 කි. 

තරග 8 ක ඉනිම් 14 කදී ශතක 2 ක් සහ අර්ධ ශතක 3 ක් සමග ලකුණු 669 ක් ලබා සිටින නිරෝෂන් දික්වැල්ල (එස්.එන්.සී.) වැඩිම ලකුණු ලාභීන් අතර දෙවැනි ස්ථානයේ රැදී සිටියි. තරග 6 ක ඉනිම් 7 කදී ශතක 3 ක් සහ අර්ධ ශතකයක් සමග ලකුණු 600 ක් ලබා සිටින ෂෙවෝන් ඩැනියෙල් (එස්.එස්.සී.) එහි තෙවැනි ස්ථානයේ පසුවේ.  

මේ දක්වා පැවැති තරගවලදී වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට පොලිස් ක්‍රීඩා සමාජයේ දඟ පන්දු යවන ක්‍රීඩක මාලින්ද පුෂ්පකුමාර සමත්ව සිටින අතර තරග 6 ක ඉනිම් 12 කදී ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 53 කි. ඊට ඉනිමකදී කඩුලු 5 බැගින් දවාගත් අවස්ථා 7 ක් ඇතුළත් වේ. 

තරග 8 ක ඉනිම් 12 කදී කඩුලු 50 ක් දවාගෙන සිටින කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ අකිල ධනංජය වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැනි ස්ථානයේ පසුවේ. ඒස් කැපිටල් ක්‍රීඩා සමාජයේ රොෂාන් ජයතිස්ස එහි තෙවැනි ස්ථානයේ රැදී සිටින්නේ තරග 7 ක ඉනිම් 13 කදී කඩුලු 43 ක් දවාගනිමිනි. 


අදහස් (0)

එස්.එස්.සී. - පොලිස් ක්‍රීඩා සමාජ පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.