Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එල්.පී.එල් ශූරතාව දෙවැනි වරටත් යාපනයට
එල්.පී.එල්. 2021

එල්.පී.එල් ශූරතාව දෙවැනි වරටත් යාපනයට

editorial - 2021 දෙසැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

අවිෂ්ක ප‍්‍රනාන්දු (63) සහ ටොම් කැඩ්මෝර් (නොදැවී 57) ඇතුළු පිතිකරුවන්ගේ වේගවත් පිතිහරඹයත්, වනිඳු හසරංග (30/2) ඇතුළු පන්දු යවන්නන්ගේ දක්ෂතම පන්දු යැවීමත් හමුවේ ලංකා ප‍්‍රීමියර් ලීග් තරගාවලියේ ශූරතාව පිට පිටම දෙවැනි වරටත් දිනාගැනීමට ජැෆ්නා කිංග්ස් පිල සමත් විය. මෙම පරාජයත් සමග ගෝල් ග්ලැඩියේටර්ස් පිලට දෙවැනි වරටත් අනු ශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදුවිය.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (23 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී ගෝල් ග්ලැඩියේටර්ස් පිලට එරෙහිව ලකුණු 23 ක ජයක් වාර්තා කරමින් ජැෆ්නා කිංග්ස් පිල මෙවර තරගාවලියේ ශූරතාවට හිමිකම් කීවේය. ජයග‍්‍රහණය සඳහා ලකුණු 202 ක ඉලක්කයක් හඹාගිය ගෝල් ග්ලැඩියේටර්ස් පිලට ඕවර 20 අවසානයේ කඩුලූ 9 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 178 ක් පමණි.

වේගවත් ආරම්භයක් ලබාගත් ධනුෂ්ක ගුණතිලක පන්දු 19 කදී සිය අර්ධ ශතකය ලබාගැනීමට සමත්වුවද, ඔහුගේ දැවීයාමත් සමග ග්ලැඩියේටර්ස් පිලේ ලකුණු රැස්කිරීමේ වේගය අඩාල විය. පන්දු 21 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 54 ක් ලබාගැනීමට ධනුෂ්ක සමත් විය.

ධනුෂ්ක සහ කුසල් මෙන්ඩිස් (39) එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 26 කදී ලකුණු 63 ක සම්බන්ධතාවක් පැවැත්වුවද, ධනුෂ්කගේ දැවීයෑමෙන් පසුව යැවූ ඊළඟ පන්දුවේදීම බෙන් ඩන්ක්ද (0) පිටියෙන් ඉවත් කිරීමට වනිඳු හසරංග සමත් විය.
 
හුදකලා සටනක නිරත වූ කුසල් මෙන්ඩිස් ගෝල් ග්ලැඩියේටර්ස් පිල ඉලක්කය කරා රැගෙන යාමට උත්සහ කලද, ලකුණු 39 ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවීයෑමකට හසුවිය. පන්දු 28 කට මුහුණදුන් ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.

වනිඳු හසරංග සහ චතුරංග ද සිල්වා කඩුලූ 2 බැගින්ද, මහීෂ් තීක්‍ෂණ, ජේඞ්න් සීල්ස් සහ සුරංග ලක්මාල් කඩුල්ල බැගින්ද දවාගනිමින් සිය කණ්ඩායමට ශූරතාව දිනා දීමට දායකත්වය සැපයූූහ.

කාසියේ වාසිය දිනා පළමු පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් පිල නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 3 ක් දැවි ලකුණු 201 ක් රැස්කිරිමට සමත් විය. වේගවත් ආරම්භයක් ලබාගත් අවිෂ්ක ප‍්‍රනාන්දු සහ රහ්මනුල්ලා ගුර්බාස් පළමු කඩුල්ල සඳහා පන්දු 32 කදී ලකුණු 56 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත් වූහ.

අවිෂ්ක ප‍්‍රනාන්දු පන්දු 41 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 63 ක් ලබාගත් අතර රහ්මනුල්ලා ගුර්බාස් පන්දු 18 කදී ලකුණු 35 ක් ලබාගත්තේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි.

අවිෂ්ක සමග එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 44 කදී ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ටොම් කැඞ්මෝර්, ඉන් නොනැවතී තෙවැනි කඩුල්ල සඳහා ෂොයිබ් මලික් සමග එක්ව පන්දු 34 කදී තවත් ලකුණු 62 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය.

කැඞ්මෝර් පන්දු 41 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 57 ක් සහ මලික් පන්දු 11 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 23 ක් රැුස්කළහ. අවසන් මොහොතේ පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි නායක තිසර පෙරේරා පන්දු 9 කදි හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 17 ක් ලබාගනිමින් සිය කණ්ඩායම ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියේය.


ජැෆ්නා කිංග්ස් පිල -  ඕවර 20 කදී කඩුලූ 3 ක් දැවී 201
(අවිෂ්ක ප‍්‍රනාන්දු 63, රහ්මනුල්ලා ගුර්බාස් 35, ටොම් කැඞ්මෝර් නොදැවී 57, ෂොයිබ් මලික් 23, තිසර පෙරේරා නොදැවී 17)

ගෝල් ග්ලැඩියේටර්ස් පිල -  ඕවර 20 කදී කඩුලූ 9 ක් දැවී 178
(කුසල් මෙන්ඩිස් 39, ධනුෂ්ක ගුණතිලක 54, සමිට් පටේල් 22, වනිඳු හසරංග 30/2, චතුරංග ද සිල්වා 15/2)


අදහස් (0)

එල්.පී.එල් ශූරතාව දෙවැනි වරටත් යාපනයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.