Last Update  :  2025-07-29 20:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එල්.පී.එල්. පිටියෙන් 4 ක් පන්නයි

එල්.පී.එල්. පිටියෙන් 4 ක් පන්නයි

editorial - 2021 නොවැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාත්‍යන්තර ක්‍රිකට් සභාව අනුමත නොකරන ලද ක්‍රිකට් තරගාවලියකට එක්වීම හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් සිව්දෙනෙකු ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. කෙන්යාවේ නයිරෝබි නුවර පැවැති අනවසර තරඟාවලියකට එක්වී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දීමත් සමගින් ඔවුන් සිවුදෙනාට එරෙහිව මෙම පියවර ගෙන ඇත.

ඔවුන් සිව්දෙනාම පසුගිය වසර 15 තුළ ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති අතර ඒ අනුව ඔවුන් ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා සම්බන්ධ කරගෙන ඇත. ඔවුන්ගෙන් එක් අයෙක් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ අතර අනෙක් තිදෙනා ක්‍රීඩක වෙන්දේසියෙන් තෝරාගෙන තිබිණ. 

කෙන්යානු තරඟාවලිය ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් අනුමත කර නොමැති තරගාවලියකි. කිසියම් ක්‍රීඩකයෙකු හෝ පුහුණුකරුවෙකු අනුමත නොකළ තරඟාවලියක් සඳහා සහභාගී වුවහොත් ඔහුට අන්තරජාතික ක්‍රිකට් සභාවේ අනුමත ක්‍රිකට් තරගාවලින්ට සම්බන්ධ වීම ස්වයංක්‍රීයව තහනම් වේ. 

මෙම ක්‍රීඩකයින් සිව්දෙනාගේ තරඟ තහනමෙන් පසු තම තමන් ක්‍රීඩා කරන්නේ කුමන තරගාවලීන්ටද යන්න බුද්ධිමත්ව තෝරා ගත යුතු බවට ප්‍රබල පණිවිඩයක් ක්‍රීඩකයන්ට ලැබෙනු ඇත.

මේ අතර ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වන අශෝක පතිරගේ මහතාට හිමි සොෆ්ට් ලොජික් සමාගම විසින් කොළඹ කණ්ඩායම මිලදී ගැනීමට ඉදිරිපත් විය. මීට පෙර කොළඹ කණ්ඩායමට අයිතිවාසිකම් කී විදේශීය ව්‍යාපාරිකයා සමග සම්බන්ධවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දුෂ්කර විය. පසුව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ උපදෙස් මත, එම ගනුදෙනුව අවසන් කර කොළඹ කණ්ඩායම සොෆ්ට් ලොජික් සමාගම වෙත පවරා දීමට තීරණය කෙරිණ. 

මහනුවර කණ්ඩායම සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විශාල ප්‍රශ්නයක් තිබේ. තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත්, තරගාවලිය ආරම්භ වීමට සති දෙකකට වැඩි කාලයක් ඉතිරිව ඇති බැවින් ඔවුන්ගේ කොන්ත්‍රාත්තුව අවසන් කිරීම සම්බන්ධයෙන්ද කටයුතු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීහු සූදානමින් සිටිති. 

පළමු වරට පැවැති ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය සාර්ථක වුවද ක්‍රීඩකයින් වෙත දූෂිතයන් ආසන්න වීම සම්බන්ධයෙන් ගැටළු කිහිපයක් ඇති විය. එම ආසන්නවීම් අන්තර්ජාතික ක්‍රිකට් සභාව වෙතද වාර්තා විය. 

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාර්ෂල් මහතා, මෙම දූෂිත ප්‍රවේශයන් පිළිබඳව නිරන්තරයෙන් වාර්තා කරන ක්‍රීඩකයින් අගය කරයි. දෙවැනි වරටත් පැවැත්වෙන ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියට ප්‍රමුඛත්වය දෙමින් ඒ පිළිබඳව සුපරීක්ෂාකාරී විය යුතු බවටද මාර්ෂල් මහතා අනතුරු අඟවා ඇත.

දෙවැනි වරටත් පැවැත්වෙන ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය දෙසැම්බර් 5 වන දින ආරම්භ වන අතර දෙසැම්බර් 23 වන දින අවසන් වේ. පළමු අදියර කොළඹදී පැවැත්වෙන අතර පිළිමළුන් පිටුදැකීමේ තරඟ සඳහා කණ්ඩායම් හම්බන්තොටට ගමන් කරනු ඇත.

- 2079


අදහස් (0)

එල්.පී.එල්. පිටියෙන් 4 ක් පන්නයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.