Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මේ මස අවසානයේ (30 වැනිදා) ආරම්භ කිරීමට නියමිත තිබූ ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය නොවැම්බර් මාසය දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඒ අනුව ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය නොවැම්බර් 19 සිට දෙසැම්බර් 12 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත.
තරඟාවලියේ කාලසටහන නැවත සකස් කිරීම මගින් ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල ක්‍රීඩකයින්ට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීමට අවස්ථාව ලැබෙනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අදහසවී තිබේ.
ලංකා ප්‍රිමියර් ලීග් දෙවැනි තරගාවලිය පැවැත්වීමට අපේක්ෂා කළ කාල සීමාව තුළ බොහෝ රටවල් වලට ජාත්‍යන්තර සංචාර කිහිපයක් යෙදී ඇති බැවින් එම රටවල ක්‍රීඩකයන් ගෙන්වා ගැනීමට නොහැකිවීම තරගාවලිය කල් දැමීමට හේතුවී ඇත.
”ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත් තීරණයට අයි.පී.ජී සමාගම සහාය දක්වනවා. ලීගයේ සාර්ථකත්වය අතිශයින්ම වැදගත්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට, ශ්‍රී ලංකා රජයට, ක්‍රීඩකයන්ට, කණ්ඩායම් හිමිකරුවන්ට සහ අනුග්‍රාහකයන්ට ඔවුන් දැක්වූ සහයෝගයට ස්තූතිවන්ත වෙනවා” යැයි යනුවෙන් එල්.පී.එල් තරගාවලියේ නිල ප්‍රවර්ධකයන් වන වන නවෝත්පාදන නිෂ්පාදන සමාගමේ (අයි.පී.ජී) නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මොහාන් මහතා පැවසීය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.