
තායිලන්ත 2025 විවෘත ටයිකොන්ඩෝ ශූරතාවලියේදී එලිට් ටයිකොන්ඩෝ සමාජය විසින් රන් පදක්කම් හතරක් , රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනාගන්නා ලදි. තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැති විවෘත ටයිකොන්ඩෝ ශූරතාවලියට රටවල් 12ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 800 ක් දෙනා සහභාගී වුහ.
එලිට් ටයිකොන්ඩෝ සමාජයේ ක්‍රීඩකයෝ මෙහිදී විශේෂ දක්ෂතා පෙන්වමින් පදක්කම් 6 ක් දිනාගත්හ. නැගීගෙන එන කණ්ඩායමට හිමි කුසලානය ද ශ්‍රී ලංකා කණ්ඩායම විසින් දිනාගන්නා ලදී.
අසිත වික්‍රමතුංග රන් පදක්කමක් දිනාගත් අතර සෙහත් රොද්‍රිගෝ විසින් රන් පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගන්නා ලදි.
තුනුහි අල්විස් රන් පදක්කමක් සහ රිදී පදක්කම් 01 ක් දිනාගත්තාය. ඇය තරගාවලියේ ලාබාලතම ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළාය.
එලීට් ටයිකොන්ඩෝ සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස අසිත වික්‍රමතුංග කටයුතු කරයි. ඔහු ජාතික ටයිකොන්ඩෝ සම්මේලනයේ ජාත්‍යන්තර කළුපටි 5 (කොරියාව) , ජාතික විනිසුරුවරයකු සහ තාක්ෂණික කමිටු සාමාජිකයකු ලෙසත් කටයුතු කරනු ලැබේ.
එලිට් ටයිකොන්ඩො සමාජය ජාත්‍යන්තර හා ජාතික ක්‍රීඩක මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩකාවන් රැසක් බිහිකර ඇති අතර මෙවර එලිට් ටයිකොන්ඩෝ සමාජයේ විසි වැනි සංවත්සරය සමරනු ලැබේ.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.