Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා තෝරාගන්නා ලද 18 දෙනකුගෙන් සමන්විත ශී‍්‍ර ලංකා සංචිතයට නවකයෝ පස් දෙනෙක් ඇතුළත්ව සිටිති. කමිල් මිෂාර, ජනිත් ලියනගේ, නුවන් තුෂාර, චාමික ගුණසේකර සහ කළණ පෙරේරා ශී‍්‍ර ලංකා කණ්ඩායමට ඇතුළත් කරන ලද නවකයෝ වෙති.
කමිල් මිෂාර වසර ගණනාවක සිටම යොවුන් කී‍්‍රඩකයකු වශයෙන් තේරීම් කමිටු නිලධාරීන්ගේ අවධානය දිනාගත් කී‍්‍රඩකයකු වන අතර පසුගිය මාසයේ කොදෙව් පිලට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය සඳහා තෝරා ගන්නා ලද සංචිතයටද ඇතුළත්ව සිටියේය. නුවන් තුෂාර, චාමික ගුණසේකර සහ කළණ පෙරේරා වේග පන්දු යවන්නන් වන අතර කළණ පෙරේරා බලාපොරොත්තු තැබිය හැකි පිතිකරුවකුද වෙයි.
කොරෝනා වයිරසය අසාදනය වීමෙන් පසුව, සුවය ලබා සිටින දසුන් ශානක ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙහෙයවයි. කෙසේ වෙතත් ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් වන ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ වනිඳු හසරංග මෙම සංචිතයට ඇතුළත්ව නැත.
තෝරා ගන්නා ලද ශී‍්‍ර ලංකා කණ්ඩායම ඇතුළත් නම් ලයිස්තුව කී‍්‍රඩා අමාත්‍යංශයට යවා ඇතත් තවමත් ඊට අනුමැතිය ලැබී නැත.
ශී‍්‍ර ලංකා එක්දින සංචිතය
දසුන් ශානක (නායක), අවිශ්ක ප‍්‍රනාන්දු, පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, මිනෝද් භානුක, චාමික කරුණාරත්න, ජෙෆ්රි වැන්ඩසේ, රමේෂ් මෙන්ඩිස්, ප‍්‍රවීන් ජයවික‍්‍රම, මහීෂ් තීක්‍ෂණ, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර, ජනිත් ලියනගේ, කමිල් මිෂාර, නුවන් තුෂාර, චාමික ගුණසේකර සහ කළණ පෙරේරා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.