Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තය සහ පාකිස්තානය අතර සෙනසුරාදා (10 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණය අතුරු සිදුරු නොමැතිව පිරීගියේය. වසර එක හමාරකට පසුව ක්‍රීඩාංගණය ප්‍රේක්‍ෂකයන්ගෙන් පිරීගිය පළමු අවස්ථාවද එයයි.
එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැති සීමිත ඕවර තරගාවලියේදී ක්‍රීඩාංගණයේ ධාරිතාවෙන් 25% ක පමණ ප්‍රේක්‍ෂකයන්ට තරග නැරඹීම සඳහා අවසර ලැබිණ.
එංගලන්තයට එය නියමු ව්‍යාපෘතියක් විය. එහි සාර්ථකත්වය මත පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරගාවලියේදී ක්‍රීඩාංගණවල සම්පූර්ණ ආසන සංඛ්‍යාව පිරවීමට එංගලන්තයේ සෞඛ්‍ය බලධාරීන්ගෙන් අවසර ලැබිණ.
මේ වන විට ක්‍රීඩා තරග නැරඹීමට එක්රොක් වන ක්‍රීඩා ලෝලීන් මුඛ ආවරණ පැළඳීමකින් තොරව සිටිනවා පමණක් නොව, ඔවුනොවුන් අතර පරතරයක්ද නැති තරමය. සෙනසුරාදා ලෝඩ්ස් පිටියේදී පැවැති එංගලන්ත - පාකිස්තාන තරගය නැරඹීමට පැමිණ සිටි පිරිස්, මීට වසර කිහිපයකට ඉහතදී මෙන් තමන්ට සුපුරුදු පරිදි විනෝද වෙමින් සිටියහ.
මෙම තත්ත්වය ලෝඩ්ස් පිටියේදී පමණක් නොව, විම්බල්ඩන් පිටියේදී මෙන්ම යුරෝ කුසලන පාපන්දු තරග පැවැත්වෙන වෙම්බ්ලි පිටියේදීත් පහසුවෙන් දැකගත හැකිව තිබිණ.
ඡායාරූප - රොයිටර්
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.