Last Update  :  2024-05-14 18:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්තයට 2-0 ක පහසු ජයක්

එංගලන්තයට 2-0 ක පහසු ජයක්

Nisanka Sandeepani - 2018 ජුනි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තවත් දින 7 කින් ආරම්භ වන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට පෙර පැවැති පෙරහුරු තරගකදී එංගලන්තය විසින් කොස්ටරිකාව ගෝල 2-0 කින් පරාජය කරන ලදී. මෙම තරගය ඊයේ (7 වැනිදා) එංගලන්තයේ ඇලන් රෝඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. 

තරගය ආරම්භ වී මිනිත්තු 13 ක් යෑමට මත්තෙන් පළමු ගෝලය වාර්තා කිරීමට එංගලන්තයේ මාකස් රශ්ෆෝඞ්ට හැකි විය. නැවතත් ක්‍රියාත්මක වූ එංගලන්තයේ ඩැනී වෙල්බෙක් 76 වන මිනිත්තුවේදී ගෝලයක් ලබා පහසුවෙන්ම තරගය ජය ගත්තේය. 

මෙවර තරගාවලියේ පළමු වටයේදී කොස්ටරිකාව ‘ඊ’ කාණ්ඩයෙන් තරග වදින අතර එංගලන්තය ‘ජී’ කාණ්ඩයෙන් තරග වදී.  

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ වර්තමාන ශ්‍රේණිගත කිරීම් අනුව 12 වන ස්ථානයේ පසුවන එංගලන්තය මෙවර තරගාවලියේ මූලික වටයේදී බෙල්ජියම, පැනමාව සහ ටියුසීනියාව සමග තරග වැදීමට නියමිතය. ජුනි 18 වැනිදා ටියුසීනියාව එරෙහි තරගයෙන් තරගාවලියට අවතීර්ණ වන එංගලන්තය ජුනි 24 වැනිදා පැනමාව සමගින් තරග වැදීමට නියමිතය. එංගලන්තයේ පළමු වටයේ අවසන් තරගය ප්‍රබල බෙල්ජියම සමග ජුනි 28 වැනිදා පැවැත්වෙයි. 

කොස්ටරිකාවද මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් 32 අතරට එක්ව සිටී.  ප්‍රබල බ්‍රසීලය ඔවුන්ගේ ප්‍රතිවාදීන් වෙද්දී ස්විට්සර්ලන්තය සහ සර්බියාවද එම කාණ්ඩයෙන්ම තරගාවලියට එක්වෙයි. 

ජුනි 17 වැනිදා සර්බියාවට එරෙහි තරගයෙන් ලෝක කුසලාන තරගාවලියට පා තබන කොස්ටරිකාව ජුනි 22 වෙනිදා ප්‍රබල බ්‍රසීලය සමගින් පීටර්ස්බර්ග් ක්‍රීඩාංගණයට පිවීසීමට නියමිතය. ජුනි 27 වැනිදා ස්විට්සර්ලන්තය සමග පළමු වටයේ අවසන් තරගයට කොස්ටරිකාව සහභාගී වෙයි. 

- 024 

 

 


අදහස් (0)

එංගලන්තයට 2-0 ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.