Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (03 වැනිදා) තරගය අවසන් කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 111 ක් රැස් කිරීමට එංගලන්ත පිතිකරුවෝ සමත්වූහ. ඒ අනුව කඩුලු 8 ක් අතැති එංගලන්තය තවත් ලකුණු 267 ක් පසුපසින් සිටින්නේය.
දිනය අවසන් වනවිට නොදැවී කඩුල්ලේ රැදී සිටි රෝරි බර්න්ස් ලකුණු 59 ක් සහ ජෝ රූට් ලකුණු 42 රැස්කරමින් තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 93 ක නොබිඳුනු සම්බන්ධතාවයක් ගොඩනගමින් නවසීලන්තය රැස්කළ ලකුණු සංඛ්‍යාව හඹායමින් සිටිති.
ආරම්භක පිතිකරුවා වූ ඩොමිනික් සිබ්ලි ලකුණු නොලබා දැවී ගිය අතර සැක් ක්‍රෝලි ලකුණු 2 කට දැවී ගියේය.
ලෝඩ්ස් ක්‍රීඩාංගණ ඉතිහාසයේදී කිසිම කෝඩුකාරයකු මෙතෙක් නොගිය ඉලක්කයක් කරා සාර්ථකව අවතීර්ණ වූ ඩෙවොන් කොන්වේ ද්විත්ව ශතකයක් ලබාගත්තේය. ආරම්භක පිතිකරුවා වුවත්, නවසීලන්ත පිතිකරුවන් අතර දැවී ගිය අවසන් පිතිකරුවා වූ කොන්වේ දුවද්දී දැවී දැවී යන විට නවසීලන්ත කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 378 ක් ලබා සිටියේය.
ඩීප් ස්ක්වෙයාර් ලෙග් හරහා ගැසූ හයේ පහරකින් සිය ද්විත්ව ශතකය කරා අවතීර්ණ වූ කොන්වේ පැය 10 කට ආසන්න කාලයක් (විනාඩි 578 ක්) පිටියේ රැඳී සිටිමින් පන්දු 347 කට මුහුණ දුන්නේය. ඔහුගේ ඉනිමට ඇතුළත් වූ හතරේ පහර සංඛ්‍යාව 22 කි.
කොන්වේ සහ හෙන්රි නිකොල්ස් අතර පැවැති ලකුණු 174 ක සම්බන්ධතාව බිඳ දැමුවේ මාක් වුඩ් විසින් යවන ලද බවුන්සර් පන්දුවකිනි. පිතිකරුවා වෙතට පැමිණි ඉහළ නැගි පන්දුවට පහර දෙනවා විනා විකල්පයක් නිකෝල්ස්ට නොතිබිණ. ප්‍රතිඵලය වූයේ ලෝන්ග් ලෙග් හි සිටි ඔලී රොබින්සන්ට පහසු උඩපන්දුවක් ලැබීමයි.
තරගයේ පළමු දිනය අවසානයේදි කඩුලු 3 කට ලකුණු 246 ක් ලබා සිටි නවසීලන්ත ක්‍රීඩකයෝ අද පෙරවරුවේදී කඩුලු 4 ක් අහිමි කරගත්හ. මාක් වුඩ්ගේ විශිෂ්ට පන්දුයැවීම හේතුවෙන් ලකුණු 6 ක් ඇතුළතදී මෙම කඩුලු 4 ම බිම වැටිණ. වරෙක කඩුලු 3 කට 288 ක් වූ ලකුණු පුවරුව මාක් වුඩ් සහ රොබින්සන් දෙදෙනා විසින් ඕවර 8 ක් ඇතුළතදී කඩුලු 7 ට 294 ක් ලෙසින් වෙනස් කරන ලදි.
එංගලන්තයේ කෝඩුකාරයින් දෙදෙනාගෙන් අයකු වූ ඔලී රොබින්සන් ද අගනා පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 75 කට කඩුලු 4 ක් දවාගත්තේය. ටිම් සවුති දුන් පහසු උඩපන්දුවක් මිඩ් ඕෆ් හි සිටි ස්ටුවර්ට් බ්‍රෝඩ් වෙතින් ගිළිහී නොගියේ නම් සිය මංගල ටෙස්ට් තරගයේදීම කඩුලු 5 ක් දවාගැනීමේ අවස්ථාව ද ඔලී රොබින්සන්ට තිබිණ.
නවසීලන්තය පළමු ඉනිම - සියලු දෙනා දැවී 378 යි
(ටොම් ලෙතම් 23, ඩෙවොන් කොන්වේ 200, කේන් විලියම්සන් 13, රොස් ටේලර් 14, හෙන්රි නිකොල්ස් 61, නීල් වැග්නර් 25, ඔලී රොබින්සන් 75/4, මාක් වුඩ් 81/3)
එංගලන්තය පළමු ඉනිම - කඩුලු 2 ක් දැවී 111
(රෝරි බර්න්ස් නොදැවී 59, ජෝ රූට් නොදැවී 42, ටිම් සවුති 17/1, කයිල් ජැමීසන් 29/1)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.