Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර ලීඞ්ස්හි හෙඩිංග්ලි කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (21 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට එංගලන්ත පිල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 320 ක් ලබා ගත්තේය. ආරම්භක පිතිකරු සෑම් රොබ්සන් අලංකාර ශතකයක් ලබාගත් අතර සත්කාරක පිළ තරගයේ තුන්වැනි දිනයට පා තබන්නේ ශ්‍රී ලංකා පිලට වඩා ලකුණු 63 ක් ඉදිරියෙන් සිටිමිනි.
එංගලන්ත පිතිකරුවෝ කඩුලු 8 ක් අතැතිව තිබියදීම ශ්‍රී ලංකා පිලේ මුල් ඉනිමේ ලකුණු 257 අභිබවා ගියහ. අද දින, සවස තේ පානයෙන් අනතුරුව සෑම් රොබ්සන් සිය ශතකය ලබාගත් අතර වරෙක එංගලන්ත ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලු 2 ට 278 ක් වශයෙනි. එහෙත් දෙවැනි නව පන්දුව ලබාගැනීමත් සමගම එයින් විපුල ප්‍රයෝජන ලබාගත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඕවර 13 කදී ලකුණු 35 ක් ලබාගන්නා අතරේ එංගලන්ත මැද පෙළ පිතිකරුවන් සිවු දෙනකු ආපසු ක්‍රීඩාගාරයට යැවූහ.
දෙවැනි නව පන්දුවෙන් යැවුණු තුන්වැනි ඕවරයේදි සෑම් රොබ්සන්ගේ පිත්තත් පා ආවරණයත් අතර පැවැති පරතරයෙන් රිංගා ගිය නුවන් ප්‍රදීප්ගේ පන්දුව කඩුල්ලේ වැදුණේ තුන්වැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 87 කට සීමා කරමිනි. එහෙත් ඒ වන විට තමන්ගේ කාර්යය නිම කර තිබූ ආරම්භක පිතිකරුවා පන්දු 253 ට මුහුණ දෙමින් ඒවායින් 16 ක් හතරේ සීමාවෙන් එපිටට යවා තිබූ අතර එකක් සීමාවෙන් එපිටට ඉගිළ ගියේය.
ශමින්ද එරංග හමුවේ ‘ෆ්ලික්‘ පහරක් ගැසීමට උත්සුක වූ ඉයන් බෙල්ගෙන් ලැබුණු උඩපන්දුව ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ නවතම කඩුලු රකින්නා වන දිනේෂ් චන්දිමාල් විසින් රැකගන්නා ලද්දේ අති විශිෂ්ට ආකාරයෙන් පා ඉන්නෙන් ඈතට පනිමිනි. තමාගේ 100 වැනි ටෙස්ට් තරගයේදී ශතකයක් ලබාගනිමින් ලෝකයේ සුවිශේෂී ක්‍රීඩකයන් අතරට එක්වීමට සිහින දකිමින් සිටි ඉයන් බෙල් දැවී යන විට පන්දු 90 කට මුහුණ දී ලකුණු 64 ක් ලබා සිටියේය.
පළමු දින සවස කී‍්‍රඩාව නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 36 ක් ලබා සිටි එංගලන්ත පිල අද තේ පානයට පෙර හෝරා හතරේදී යැවුණු ඕවර 57 කින් ලකුණු 175 ක් ලබාගත්තේය. දිවා ආහාරයට පෙර තරමක් මන්දගාමී වූ නමුත් දිවා ආහාරයෙන් පසුව අත දිගහැර පහර දුන් ගැරී බැලන්ස් (73) සහ සෑම් රොබ්සන් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 142 ක් එක් කළහ.
ඕස්ට්‍රෙිලියාවේ උපත ලැබ, ඕස්ට්‍රෙිලියානු 19 න් පහළ පිල නියෝජනය කළ සෑම් රොබ්සන් එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබාගත්තේ පසුගිය වසරේදීය. රොබ්සන් සිය මංගල ටෙස්ට් ශතකය වෙනුවෙන් දිගු වේලාවක් මිඩංගු කළේය. ඒ සඳහා පන්දු 220 කට මුහුණ දෙමින් හතරේ පහර 11 ක් ඇතුළත් කළ රොබ්සන් තේ පානය වන විටත් ලබා සිටියේ ලකුණු 98 ක් පමණි. තේ පානයට පෙර ශතකය සම්පූර්ණ කිරීම සඳහා ඉයන් බෙල් ඔහුට අවස්ථාවන් කිහිපයක් දුන් නමුත් ඒවායින් ප්‍රයෝජන ගැනීමට රොබ්සන්ට උවමනා නොවීය.
දිවා ආහාරයට පෙර, පිට ඉන්න එල්ලයේ පතිත වූ ධම්මික ප‍්‍රසාද්ගේ පන්දුව කුක් සිය පිත්තෙන් පිළිගත්තේ දෙලොවක් අතර සිටිමිනි. එහෙත් පිත්තේ පිටත දාරයේ යාන්තමින් ගැටුණු පන්දුව පළමු ස්ලිප්හි සිටි කුමාර් සංගක්කාර සොයා ඇදී ගියේ එංගලන්ත නායකයාගේ ඉනිම ලකුණු 17 කට සීමා කරමිනි.
තරගයේ මුල් දිනය වූ ඊයේ (20 වැනිදා) ශී‍්‍ර ලංකා පිල සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 257 ක් ලබාගත්තේය.
ටෙස්ට් වරම් ලබා වසර 32 ක් ගතවී යද්දී, ලෝකයේ ටෙස්ට් ක්‍රීඩංගණ 67 ක ක්‍රීඩා කර තිබුණද මෙම තරගය පැවැත්වෙන හෙඩිංග්ලි ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා පිල ටෙස්ට් තරගයක් සඳහා සහභාගි වන්නේ පළමු වතාවටය.
හෙඩිංග්ලි ක්‍රීඩාංගණයේදී අවසන් වරට පැවැති ටෙස්ට් තරග 14 න් ජය පැරදුමකින් තොරව අවසන් වී ඇත්තේ එකම තරගයක් පමණි. විසඳුමක් ලද තරග 13 න් 7 ක් ජයගැනීමට එංගලන්තය සමත් වී ඇති අතර තරග 6 ක් පරාජය වී තිබේ. ටෙස්ට් තරග 72 ක් පවත්වා ඇති මෙම ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වීමේ ප්‍රතිශතය 25% කි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.