Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අළු බඳුන ටෙස්ට් තරගාවලියේ පළමු තරග දෙකම පරාජයට වූ එංගලන්ත කී‍්‍රඩකයෝ, මෙල්බර්න්හිදි පැවැත්වෙන තෙවැනි තරගයේ දෙවැනි දිනය (27 වැනිදා) අවසන් වන විට ඕස්ටේ‍්‍රලියානු වේග පන්දු යවන්නන් හමුවේ ලකුණු 31 කට සිය දෙවැනි ඉනිමේ කඩුලූ 4 ක් අහිමි කරගත්හ. ඒ අනුව ඔවුහු කඩුලූ 6 ක් ඇතැතිව ඕස්ටේ‍්‍රලියාවට වඩා තවත් ලකුණු 51 පසුපසින් සිටියහ.
ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළ හසීබ් හමීඩ් (7), සැක් ක්‍රොව්ලි (5), ඬේවිඞ් මලාන් (0) සහ ජැක් ලීච් (2) එංගලන්ත දෙවැනි ඉනිමේ 11 වැනි ඕවරය අවසන් වන විට ආපසු ගොස් කී‍්‍රඩාගාරයේ සිට තරගය නැරඹීම සඳහා අවස්ථාව උදාකර ගත්හ. පස්වැනි ඕවරයේ පිට පිට පන්දු දෙකකදී ක්‍රොව්ලි සහ මලාන් පිටියෙන් ඉවත් කිරීමට මිචෙල් ස්ටාර්ක් සමත් වෙද්දී, තමා යැවූ පළමු ඕවරයේදීම හමීඞ් සහ ලීච් දවාගැනීමට ස්කොට් බෝලන්ඞ් සමත් විය.
දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට නායක ජෝ රූට් හතරේ පහර 2 ක් සමග ලකුණු 12 ක්ද, බෙන් ස්ටෝක්ස් ලකුණු 2 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ. ඒ අනුව මෙම තරගය පමණක් නොව සමස්ත තරගාවලියම පරාජය වීමෙන් වළක්වා ගැනීම සඳහා ඔවුන් දෙදෙනාට හෙට දිනයේදී (28 වැනිදා) සිය කණ්ඩායම වෙනුවෙන් අති විශාල වැඩ කොටසක් කිරීමට සිදුවනු ඇත.
පළමු දිනය වූ ඊයේ (26 වැනිදා) තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 61 ක් ලබා සිටි ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයෝ අද දිනයේදී (27 වැනිදා) සිය පළමු ඉනිමට තවත් ලකුණු 206 ක් එක්කර ගත්හ. එහිදී ඕස්ටේ‍්‍රලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු මාකස් හැරිස්, හතරේ පහර 7 ක් සමග ලකුණු 76 ක් රැස්කළ අතර ට‍්‍රැවිස් හෙඞ් (27) සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 61 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය.
එංගලන්ත කණ්ඩායමේ ප‍්‍රවීණතම පන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩසන් ලකුණු 33 කට කඩුලූ 4 ක් දවාගැනීමට සමත් වූයේ හැරිස්ගේ කඩුල්ලද සමගිනි. ඔලී රොබින්සන් සහ මාක් වුඞ් කඩුලූ 2 බැගින් දවාගනිමින් ඕස්ටේ‍්‍රලියානු පිතිකරුවන් පීඩනයට පත් කිරීමට සඳහා ඇන්ඩසන්ට අනගි සහායක් දුන්හ. බෙන් ස්ටෝක්ස් සහ ජැක් ලීච් කඩුල්ල බැගින් බිඳහෙළමින් ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ලකුණු 300 ට අඩුවෙන් රඳවාගැනීම සඳහා දායකත්වය සැපයූහ.
එංගලන්ත පළමු ඉනිම - සියලූ දෙනා දැවී 185
ඕස්ටේ‍්‍රලියානු පළමු ඉනිම - සියලූ දෙනා දැවී 267
(මාකස් හැරිස් 76, ඬේවිඞ් වෝනර් 38, ට‍්‍රැවීස් හෙඞ් 27, පැට් කමින්ස් 21, මිචෙල් ස්ටාර්ක් නොදැවී 24, ජේම්ස් ඇන්ඩසන් 33/4, ඔලී රොබින්සන් 64/2, මාක් වුඞ් 71/2)
එංගලන්ත දෙවැනි ඉනිම - කඩුලූ 4 ක් දැවී 31
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.