Last Update  :  2025-08-03 21:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්තය 183 කට සීමාවෙයි

එංගලන්තය 183 කට සීමාවෙයි

editorial - 2021 අගෝ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි වටය හෙවත් දෙවසරක කාල පරිච්ඡේදය ආරම්භ කරමින් එංගලන්තය සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරගය අද (4 වැනිදා) ටේ‍රන්ට්බි්‍රජ් නුවරදී ආරම්භ විය. මෙම තරගයේදී කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම තෝරා ගත් නමුත් සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 183 ක් පමණි.

එංගලන්තය සහ ඉන්දියාව අතර පැවත්වෙන තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මෙයයි. 

ජස්ප්‍රීට් බුම්රා තරගයේ පස්වැනි පන්දුවේදීම රෝරි බර්න්ස් දවාගැනීම හේතුවෙන් එංගලන්තය ආරම්භයේදීම අමාරුවේ වැටිණ. එංගලන්ත ක්‍රීඩකයෝ දිවා ආහාරයට පෙර ඕවර 25 කදී ලකුණු 61 ක් ලබා සිටියහ. දිවා ආහාරයෙන් පසු මොහොමඩ් සාමි විසින් කඩුලු 2 ක් දවාගැනීම නිසා එංගලන්තයට තරමක් ප්‍රවේසම් සහගත ලකුණු ලබාගැනීමක නිරත වීමට සිදුව තිබේ. 

අංක 3 පිතිකරු සැක් ක්‍රෝලි ලකුණු 27 කට දැවී යාමෙන් පසුව එක්වූ ජෝ රූට් සහ ඩොමිනික් සිබ්ලි ප්‍රවේසමෙන් ඉදිරියට ගියද බුම්රාගේ තවත් පන්දුවක් සිබ්ලිගේ පා ආවරණයේ වැදීමෙන් ඉන්දීය ක්‍රීඩකයෝ තුන්වැනි විනිසුරුවරයාගේ සහාය ඉල්ලා සිටියහ. එහෙත් තුන්වැනි විනිසුරුවරයාගේ සහාය පිටියේ විනිසුරුවරුන්ට මිස ක්‍රීඩකයන්ට නොලැබිණ. 

නායක ජෝ රූට් පමණක් තරමක් දුරට සාර්ථක වූ එකම පිතිකරුවා බවට පත්වූ අතර හතරේ පහර 11 ක් සමගින් ලකුණු 64 ක් ලබාසිටියදී ශර්දුල් ඨාකූර්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ඔහු දැවී ගියේය.

තේ පානයෙන් පසුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි එංගලන්ත පිතිකරුවන් 6 දෙනෙකු ලකුණු 45 ක් තුල පිටියෙන් ඉවත් කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත්වූහ.

ජස්ප්‍රීට් බුම්රා කඩුලු 4 ක් ද, මොහොමඩ් සාමි කඩුලු 3 ක් සහ ශර්දුල් ඨාකූර් කඩුලු 2 ක් දවාගනිමින් එංගලන්ත පිතිකරුවෝ මෙල්ල කිරීමට සමත්වූහ.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම දිනය අවසන් වනවිට කිසිවකු නොදැවී ලකුණු 21 ක් රැස්කර සිටියේය.

වේග පන්දු යවන්නන් පමණක් මෙම තරගයට කැඳවූ එංගලන්තය, වමතින් දඟ පන්දු යවන ජැක් ලීච් කණ්ඩායමේ 11 දෙනාගෙන් ඉවත් කළේය. සිය මානසික සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක රඳවා ගැනීම සඳහා යයි කියමින් අවිනිශ්චිත විවේකයක් ලබා සිටින හෙයින් තවත් තුන් ඉරියව් ක්‍රීඩකයකු වන සෑම් කරන් සහ ජොනී බෙයාර්ස්ටෝ දෙදෙනා එංගලන්ත කණ්ඩායමට කැඳවනු ලැබ සිටිති. 

කාසියේ වාසිය දිනාගත්තා නම් මෙම තණතීරුවේ තමන්ද පළමුවෙන් පන්දුවට පහර දෙන බව ඉන්දීය නායක විරාට් කෝලී කිවේය. 

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරුවා ලෙසින් ලෝකේෂ් රාහුල් කැඳවීමට ඉන්දියාවට සිදුවූයේ ෂුබ්මන් ගිල් ආබාධයක් හේතුවෙන් ආපසු ඉන්දියාව බලා ගිය බැවිනි. පළපුරුදු දඟ පන්දු යවන්නකු වන රවිචන්ද්‍රන් අශ්වින් මෙම තරගයට ක්‍රීඩා නොකරන අතර තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් බලාපොරොත්තු තැබෙන රවීන්ද්‍ර ජදේජා කණ්ඩායමට කැඳවා තිබේ. 

එංගලන්තය - පළමු ඉනිම සියලු දෙනා දැවී 183 යි
(සැක් ක්‍රෝලි 27, ජෝ රූට් 64, ජොනී බෙයාර්ස්ටෝ 29, සෑම් කරන් නොදැුවී 27, ජස්ප්‍රීට් බුම්රා 46/4, මොහොමඩ් සාමි 28/3, ශර්දුල් ඨාකූර් 41/2)

ඉන්දීය කණ්ඩායම - පළමු ඉනිම කිසිවකු නොදැවී 21
(රෝහිත් ෂර්මා නොදැවී 9, ලෝකේෂ් රාහුල් නොදැවී 9)

 

 

 

 

- 213


අදහස් (0)

එංගලන්තය 183 කට සීමාවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.