Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story උසේන් බෝල්ට්ගේ වාර්තාව බිඳ වැටේ

උසේන් බෝල්ට්ගේ වාර්තාව බිඳ වැටේ

editorial - 2021 ජුනි මස 03 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ඇමරිකාවේ පැවැති මලල ක්‍රීඩා තරගයකදී එරියන් නයිටන් විසින් වයස 18 ට අඩු ක්‍රීඩකයන් සඳහා පැවැති මීටර් 200 වාර්තාව බිඳ දමා තිබේ. මෙම වාර්තාවේ හිමිකරුවා වූයේ ඔලිම්පික් රන් පදක්කම් 9 කට හිමිකම් කියන ජැමෙයිකානු ක්‍රීඩක උසේන් බෝල්ට්ය. මීටර 200 ඉසව්ව වෙනුවෙන් බෝල්ට් දිනූ රන් පදක්කම් සංඛ්‍යාව 3 කි. 

ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ, ජැක්සන්විල්හිදී පැවැති තරගයදී එරියන් නයිටන් මෙම දස්කම කළේය. 

“මා ඔවුන්ට මගේ ගෞරවය පුද කළ යුතුයි. මොකද ඔවුන් ලෝකයේම විශිෂ්ටයෝ. ඒත් මම හිතනවා මගේ හොඳම දස්කම අද කළා කියලා” යයි තරගයෙන් පසුව උසේන් බෝල්ට් සතුව තිබූ වාර්තාවක් බිඳ දැමීම සම්බන්ධයෙන් ඒරියන් නයිටන් පැවසීය. 

තවමත් 17 හැවිරිදි වියේ පසුව ඒරියන් නයිටන් විසින් මීටර් 200 ඉසව්ව ජයගත්තේ තත්ත්පර 20.11 කින් එම ඉසව්ව නිමකරමිනි. එහිදී නයිටන් විසින් පරාජය කරන ලද ට්‍රයිවොන් බ්‍රොමෙල් ද සුළුපටු ක්‍රීඩකයකු නොව, ඔලිම්පික් මීටර් 100 ඉසව්වේ ඇමරිකානු බලාපොරොත්තුවයි. නයිටන්ගේ තත්ත්පර 20.11 ක කාලය, උසේන් බෝල්ට් විසින් වසර 2003 දී පිහිටුවන ලද වාර්තාවෙන් තත්ත්පර 0.02 ක් කපා හැරීමකි. 

ඒරියන් නයිටන් උසස් පාසල් ක්‍රීඩා වලදී තරඟ කිරීමෙන් පසු වෘත්තීය මට්ටමට පිවිසීමට තීරණය කළේය. මීටර 100 ඉසව්වේදී වසරේ වේගවත්ම ක්‍රීඩකයා වන බ්‍රොමෙන් තත්ත්පර 20.20 කට ඉසව්ව නිමකරමින් දෙවන ස්ථානයට පත්වූයේ වසර හයකට පසුව ඔහුගේ හොඳම කාලය වාර්තා කරමිනි. 

ඒරියන් නයිටන් මේ මස අවසානයේදී එක්සත් ජනපද තේරීම් තරගාවලියට සහභාගි වීමට සූදානමින් සිටි. එහිදී ඔහු ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගතහොත්, වසර 57 කට පසුව, ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් ඇමරිකානු කණ්ඩායම නියෝජනය කරන ළාබාලතම ක්‍රීඩකයා ඒරියන් වනු ඇත. 

ඇමරිකාවේ මීටර 200 ධාවකයන් අතර හත්වැනි ස්ථානය හිමිවන්නේ ඒරියන් නයිටන්ටය. ඔලිම්පික් කණ්ඩායම සඳහා තෝරාගනු ලබන්නේ එම ඉසව්වේ ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයන් තිදෙනා පමණි. 

 - 213


අදහස් (1)

උසේන් බෝල්ට්ගේ වාර්තාව බිඳ වැටේ
  • Thilina Friday, 04 June 2021 09:20 AM

    නිකම් පට්ට පල් බොරු සමාජ ගත කරන්න එපා.. බෝල්ට් 200 එ්ක දිව්වේ 19.19 ට නිකම් මොනවා හරි දැක්ක පලියට දාන්න එපා...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.