Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා බොක්සිං සංගමය සංවිධානය කරන ආසියානු වයස 22 න් පහළ සහ යොවුන් බොක්සිං තරගාවලියේ අවසන් දිනය වන හෙට (23 වැනිදා) ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිවුදෙනෙක් රන් සහ රිදී පදක්කම් දිනා ගැනීමේ අරමුණින් වයස 22 න් පහළ කාණ්ඩයේ අවසන් මහ තරග සඳහා සහභාගි වීමට සූදානමින් සිටිති.
එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රන් පදක්කම් බලාපොරොත්තුව වන මොහොමඩ් උසෙයිත්, කිලෝ ග්‍රෑම් 75 බර පංතියේ අවසන් මහ තරගයේදී කසකස්ථානයේ අමාන් කොන්ස්බෙකොව්ට එරෙහිව තරග වැදීමට නියමිතය. අර්ධ අවසන් පූර්ව වටයේදී සවුදි අරාබි ක්‍රීඩක අල්මොවොලඩ් නයීෆ්ද, අවසන් පූර්ව වටයේදී කිරිගිස්ථානයේ ඩැනියෙල් අබ්ඩ්‍රක්මනොව්ද පරාජය කරමින් උසෙයිත් අවසන් තරගයට පිවිසියේය.
උසෙයිත්ට අමතරව හෙට පැවැත්වෙන අවසන් මහ තරග සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් වන එම්.එම්.එස්. නරසිංහ කිලෝ ග්‍රෑම් 75 බර පංතියෙන්ද, එම්.එච්.එන්. නායකරත්න කිලෝ ග්‍රෑම් 63 බර පංතියෙන්ද, එන්.එන්. තුෂාරිකා කිලෝ ග්‍රෑම් 81 බර පංතියෙන්ද තරග බිමට පිවිසෙනු ඇත. එම තරගවලිදී පිළිවෙළින් අරුසන් සන්ගබයේවා, ශුගීලා නලිබේ සහ සිබේක් සරස්කිසි යන කසකස්ථාන ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ප්‍රතිවාදීන් බවට පත්වනු ඇත.
මෙහි විශේෂත්වය වන්නේ මෙම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තිදෙනාද අද දිනයේදී තරග වැදුණ හිරුණි විජේසිංහ මෙන්ම තරගාවලිය තුළ තරග වදින පළමු තරගම අවසන් මහ තරග වීමය. ඊට හේතුව වන්නේ ඔවුන් තරග වදින බර පංති සඳහා ක්‍රීඩිකාවන් තිදෙනෙක් පමණක් සහභාගි වීමත්, එම බර පංතිවල අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට නිතරග ජය ලැබීමත්ය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.