Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story උයන්වත්ත කී‍්‍රඩාංගණයේ තණතීරුවට හානි

උයන්වත්ත කී‍්‍රඩාංගණයේ තණතීරුවට හානි

ශනුක අරවින්ද - 2014 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A

මාතර ශාන්ත සර්වේශස් විදුහල සහ මාතර ශාන්ත තෝමස් කුමර විදුහල අතර ‘නිල් මහ සටන’ වාර්ෂික කි‍්‍රකට් තරගය පැවැත්වීමට නියමිතව තිබියදී ඒ සඳහා සූදානම් කළ මාතර උයන්වත්ත කී‍්‍රඩාංගණයේ ප‍්‍රධාන තණතීරුව මතට ඊයේ (16) රාති‍්‍රයේ කිසියම් පිරිසක් රසායනික ද්‍රව්‍යක් දමා හානි කර ඇතැයි මාතර මූලස්ථාන පොලිසිය පවසයි.

මෙය කිසියම් පිරිසකගේ කඩාකප්පල්කාරී කි‍්‍රයාවක් වියහැකි බවට පොලිසිය සැක කරයි. උයන්වත්ත කී‍්‍රඩාංගණයේ ආරක්ෂාවට මුරකරුවන් දෙදෙනකු යොදවා සිටියදී මෙම නොකටයුත්ත සිදුවී තිබේ.

වාර්තාව වන පරිදි තණතීරුවට ඉස ඇත්තේ වල් නාශකයකි. එබැවින් තණතීරුව මත සියලූම තණකොළ විනාශ වී ඇති බවත් වාර්තා වේ. මෙම තත්ත්වය නිසා පන්දුව ඉපිලීම අඩුවී පිතිකරුවන්ට අවාසි සහගත තත්ත්වයක් ඇතිකරන බවද කී‍්‍රඩාංගණ සැකසුම්කරුවෝ කියති.

මේ පිළිබඳව සෙයාබැලීමට හිටපු කි‍්‍රකට් කී‍්‍රඩක හා තැපැල් කටයුතු නියෝජ්‍ය ඇමති සනත් ජයසූරිය මහතා අද (17) සවස මාතර උයන්වත්ත කී‍්‍රඩාංගණයට පැමිණ තණතීරුව පරික්ෂා කළේය.

මේ සම්බන්ධයෙන් මාතර දිස්ති‍්‍රක් කි‍්‍රකට් පුහුණුකරු ප‍්‍රසන්න ගලප්පත්ති මහතාගෙන් කළ විමසීමකදී ගලප්පත්ති මහතා පැවසුවේ තණතීරු සකස් කරන්නකු කොළඹින් හෝ ගෙනැවිත් තරගය නියමිත පරිදි පැවැත්වීමට නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය මහතා පැවසූ බවයි. ඊයේ රාති‍්‍රයේ සිට කී‍්‍රඩාංගණයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් පිරිසක් යෙදවීමට උපදෙස් දී ඇතැයිද වාර්තා වේ.

මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක හේමාල් ප‍්‍රශාන්ත් මහාතගේ ඇතුලූ විශේෂ පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.


 


අදහස් (4)

උයන්වත්ත කී‍්‍රඩාංගණයේ තණතීරුවට හානි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.