‘කි‍්‍රස් ගුණරත්න’ අනුස්මරණ සමස්ත ලංකා ශේ‍්‍රණිගත කිරීමේ විවෘත මේසපන්දු තරගාවලියේ විවෘත පිරිමි සහ කාන්තා ශූරතා දිනාගැනීමට උදය රණසිංහ සහ ඉෂාරා මධුරංගි සමත්වූහ.
මහනුවර විද්‍යාර්ථ විදුහලේ උදය රණසිංහ සහ ස්ටැග් මේසපන්දු විද්‍යායතනයේ රොහාන් සිරිසේන අතර පැවැති වට 7 කින් සමන්විත විවෘත පිරිමි අවසන් මහ තරගයේ තරග වට 4 ක් නිමාවන විට පළමු, දෙවැනි සහ සිව්වැනි තරග වට ජයගනිමින් 3-1 ක් ලෙස පෙරමුණ ගැනීමට රොහාන් සිරිසේන සමත්විය.
කෙසේ වුවත් ඉන් පසුව පැවැති තරග වට 3 ම පිට පිට ජයගත් උදය රණසිංහ, තරග වට 4-3 ක් ලෙස රොහාන් සිරිසේන පරාජය කරමින් තරගාවලියේ විවෘත පිරිමි ශූරතාව දිනාගත්තේය.
ඉන් නොනැවතුණ උදය, වයසද 18 න් පහළ ශූරතාවටද හිමිකම් කීවේ එහි අවසන් තරගයේදී තරග වට 3-1 ක් ලෙස මහනුවර විද්‍යාර්ථ විදුහලේ කි‍්‍රෂාන් වික‍්‍රමරත්න පරාජය කරමනි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉෂාරා මධුරංගි සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ එරන්දි වරුසවිතාන අතර පැවැති විවෘත කාන්තා අවසන් මහ තරගයේ පළමු වට 3 ම ජය ගැනීමට ඉෂාරා මධුරංගි සමත්වූවාය.
කෙසේ වුවත් ඉන් පසුව පැවැති තරග වට 3 ම ජයගත් එරන්දි වරුසවිතාන, තරග වට 6 ක් නිමාවන විට 3-3 ක් ලෙස තරගය සම තත්ත්වයකට ගෙන ඒමත් සමග අවසන් තරග වටය දෙදෙනාටම ඉතා තීරණාත්මක විය.
එම තරග වටයෙන් ලකුණු 12/10 ක් ලෙස තියුණු ජයක් ලැබූ ඉෂාරා මධුරංගි තරගාවලියේ විවෘත කාන්තා ශූරතාවට හිමිකම් කීවාය.
ලාබාල කී‍්‍රඩිකාවක වන කොළඹ විශාකා විදුහලේ චමත්සරා ප‍්‍රනාන්දු, වයස 15 න් පහළ සහ වයස 18 න් පහළ ශූරතා දෙකම දිනාගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත්වූවාය.
ශ්‍රී ලංකා මේසපන්දු සංගමය සංවිධානයෙන් කොළඹ ලූම්බිණි විදුහල් නව ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 472 ක් සහභාගී වූහ.
බාලක තරග ප‍්‍රතිඵල
වයස 10 න් පහළ
චානුක ශ්‍රී බණ්ඩාර (කෑගල්ල ශාන්ත මේරි විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස ධනුෂ්ක විජේසිංහ (මහනුවර කිංග්ස්වුඞ් විදුහල) පරාජය කරන ලදි. (11/05, 09/11, 11/07, 11/04)
වයස 12 න් පහළ
දෙව්මිත් වීරසේන (නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල) විසින් තරග වට 3-0 ක් ලෙස වෙරෝන් ද සිල්වා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදි. (11/08, 11/07, 11/04)
වයස 15 න් පහළ
දිනේෂ් කවිෂ්ක (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස පී. ඞී. යූ. තෙන්නකොන් (මහනුවර ධර්මරාජ විදුහල) පරාජය කරන ලදි. (12/10, 11/06, 11/09)
වයස 18 න් පහළ
උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස කි‍්‍රෂාන් වික‍්‍රමරත්න (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදි. (11/05, 05/11, 11/09, 11/07)
වයස 21 න් පහළ
චාමර ගිනිගේ (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) විසින් තරග වට 3-1 ක් ලෙස චින්තක ඒකනායක (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදි. (11/07, 08/11, 12/10, 11/06)
බාලිකා තරග ප‍්‍රතිඵල
වයස 10 න් පහළ
සඳුනි ප‍්‍රබුද්ධිකා (අම්බලන්ගොඩ ප‍්‍රජාපතී ගෝතමී බාලිකා විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස චතුමි හොවීනා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදි. (11/03, 09/11, 11/07, 11/04)
වයස 12 න් පහළ
සඳුනි ප‍්‍රබුද්ධිකා (අම්බලන්ගොඩ ප‍්‍රජාපතී ගෝතමී බාලිකා විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස ඞී. එච්. කොළඹගේ (අම්බලන්ගොඩ ප‍්‍රජාපතී ගෝතමී බාලිකා විදුහල) පරාජය කරන ලදි. (11/09, 11/06, 10/12, 09/11, 11/06)
වයස 15 න් පහළ
චමත්සරා ප‍්‍රනාන්දු (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස ඉමාෂා ද සිල්වා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදි. (11/06, 11/08, 11/06)
වයස 18 න් පහළ
චමත්සරා ප‍්‍රනාන්දු (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස ශේෂලා බණ්ඩාර (මහනුවර මහාමායා විදුහල) පරාජය කරන ලදි. (11/09, 11/09, 04/11, 11/02)
වයස 21 න් පහළ
රුවිනි කන්නංගර (කොළඹ මියුසියස් විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස මුතුමාලි පි‍්‍රයදර්ෂණී (අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල) පරාජය කරන ලදි. (13/11, 11/09, 11/03)
විවෘත තරග ප‍්‍රතිඵල
විවෘත පිරිමි
උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 4-3 ක් ලෙස රොහාන් සිරිසේන (ස්ටැග් මේසපන්දු විද්‍යායතනය) පරාජය කරන ලදි. (08/11, 06/11, 11/05, 08/11, 11/06, 11/08, 11/06)
විවෘත කාන්තා
ඉෂාරා මධුරංගි (ශ්‍රී ලංකා ගුවන් හමුදාව) විසින් තරග වට 4-3 ක් ලෙස එරන්දි වරුසවිතාන (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදි. (11/07, 11/05, 13/11, 10/12, 09/11, 08/11, 12/10)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.