.jpg)
නාවලපිටිය ජයතිලක කී‍්‍රඩා සංකීර්ණයේදී පැවති 67 වැනි ජාතික මේසපන්දු තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස මහනුවර විද්‍යාර්ථ විදුහලේ උදය රණසිංහත්, දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ ඉෂාරා මධුරංගිත් සම්මාන දිනාගත්හ.
ඉතා තියුණු තරගයකින් අනතුරුව ජාතික මේසපන්දු ශ්‍රේණගත කිරීම් වල ප‍්‍රථම ස්ථානයේ පසුවන ගුවන් හමුදාවේ රොහාන් සිරිසේන තරග වට 4-3 ක් ලෙස පරාජයට පත්කළ උදය රණසිංහ විවෘත පිරිමි කේවල තරග ඉසව්වේ ජය තමන් සතු කරගත්තේය.
වට 7 කින් සමන්විත වූ එම තරගයේ පළමු වටය රොහාන් හමුවේ පරාජයවූ උදය, දෙවැනි සහ තෙවැනි වට ජය ගනිමින් තරගයට අවතීර්ණ විය. සිව්වැනි වටය ජයගනිමින් තරගය සම තත්ත්වට පත්කර ගැනීමට රොහාන්ට හැකිවුවත්, පස්වැනි වටයේ ජය තමන් සතු කරගත් උදය තරග වට 5 ක් අවසානයේ 3-2 ක් ලෙස තරගයේ පෙරමුණ ගැනීමට සමත්විය.
තමන් සතු සියලූ අත්දැකීම් ප‍්‍රයෝජනයට ගනිමින් හයවැනි වටයද ජයගත් රොහාන් නැවතත් වරක් තරගය වට 3-3 ක් ලෙස සම තත්ත්වයට පත්කළද අවසන් වටය ලකුණු 11/08 ලෙස විශිෂ්ට අන්දමින් ජයගත් උදය රණසිංහ, මේසපන්දු ජාතික ශූරතාව දිනාගත් ලාබාලතම කී‍්‍රඩකයා ලෙස වාර්තා පොත් අතරට එක්විය. තවමත් අවුරුදු 15 ක් පමණක් වයසැති ඔහු ජාතික ශූරතාවක් දිනාගත් ප‍්‍රථම අවස්ථාව මෙය වන අතර එකම කී‍්‍රඩකයකු එකම වසරකදී කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ජාතික ශූරතා ද්විත්වයම දිනාගත් ප‍්‍රථම අවස්ථාව ලෙසද මෙය සැලකේ.
ඉෂාරා මධුරංගි සමගින් විවෘත කාන්තා කේවල අවසන් තරගයට සහභාගීවූ මේ වසරේ කණිෂ්ඨ ශූරිය වන එරන්දි වරුසවිතාන එම තරගයේ පළමු වටය ජය ගනිමින් ආරම්භයේදීම ඉෂාරාට දැඩි පීඩනයක් එල්ලකිරීමට සමත් වූවාය. කෙසේවුවත් දක්ෂ ලෙස නැවතත් තරගයට අවතීර්ණවූ ඉෂාරා දෙවැනි, තෙවැනි සහ සිව්වැනි වට පිටපිටම ජයගනිමින් තමන් සතු ජාතික ශූරතා ගොන්නට තවත් ශූරතාවක් එක්කර ගැනීමට සමත්වූවාය.
වසර ගණනාවක් පුරා මේසපන්දු ශ්‍රේණගත කිරීම් වල ප‍්‍රථම ස්ථානයේ රැදීසිටින ඉෂාරා, දිනාගත් හත්වැනි ජාතික ශූරතාව මෙය වන අතර ඇය පිටපිටම දිනාගත් 6 වැනි ජාතික ශූරතාවද මෙය වේ.
ඉකුත් වසරේ ජාතික ශූරයාවූ නිර්මල ජයසිංහ සමග එක්වූ උදය රණසිංහ, ගුවන් හමුදාවේ රොහාන් සිරිසේන සහ මිලින්ද ලක්ෂිත තරග වට 3-1 ක් ලෙස පරාජය කරමින් පිරිමි යුගල ශූරතාව දිනාගත් අතර මහනුවර මහාමායා විදුහලේ රිද්මි කරදනාරච්චි සහ කුරුණෑගල මලියදේව විදුහලේ බුද්ධීපනී රාජගුරු කාන්තා යුගල ශූරතාව දිනාගත්තේ තරග වට 3-0 ක් ලෙස ගුවන් හමුදාවේ ඉෂාරා මධුරංගි සහ චාවින්ද්‍යා ද සිල්වා පරාජය කරමිනි.
අංක එකේ මේසපන්දු කී‍්‍රඩක කී‍්‍රඩිකා යුගළය වන රොහාන් සිරිසේන සහ ඉෂාරා මධුරංගි එක්ව උදය රණසිංහ සහ රිද්මි කරදනාරච්චිට එරෙහිව තරග වට 3-0 ක පහසු ජයක් වාර්තා කරමින් මිශ‍්‍ර යුගල ශූරතාවට හිමිකම් කීහ.
‘බටර්ෆ්ලයි’ කී‍්‍රඩා සමාජය නියෝජනය කළ ලලිත් පි‍්‍රයන්ත ප‍්‍රවීන පිරිමි ශූරතාව දිනාගැනීමට සමත්වූ අතර ප‍්‍රවීනයන්ගේ මේසපන්දු සංගමය නියෝජනය කළ තමරා හේවගේ ප‍්‍රවීන කාන්තා ශූරතාව දිනාගැනීමට සමත්වූවාය.
ශී‍්‍ර ලංකා මේසපන්දු සංගමය සංවිධානය කළ මෙම තරගාවලියේ අනුග‍්‍රාහකයන් ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ ස්ටැග් සමාගම කටයුතු කළහ.
තරග ප‍්‍රතිඵල
විවෘත පිරිමි කේවල
උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 4-3 ක් ලෙස රොහාන් සිරිසේන (ගුවන් හමුදාව) පරාජය කරන ලදී. (08/11, 11/08, 11/08, 07/11, 11/08, 06/11, 11/08)
විවෘත පිරිමි යුගල
උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල) සහ නිර්මල ජයසිංහ (මාස් ඉන්ටිමේට්) විසින් තරග වට 3-1 ක් ලෙස රොහාන් සිරිසේන සහ මිලින්ද ලක්ෂිත (ගුවන් හමුදාව) පරාජය කරන ලදී. (11/08, 11/04, 06/11, 11/09)
විවෘත කාන්තා කේවල
ඉෂාරා මධුරංගි (ගුවන් හමුදාව) විසින් තරග වට 4-1 ක් ලෙස එරන්දි වරුසවිතාන (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදී. (08/11, 11/07, 12/10, 11/07, 11/08)
විවෘත කාන්තා යුගල
රිද්මි කරදනාරච්චි (මහනුවර මහාමායා විදුහල) සහ බුද්ධීපනී රාජගුරු (කුරුණෑගල මලියදේව විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස ඉෂාරා මධුරංගි සහ චාවින්ද්‍යා ද සිල්වා (ගුවන් හමුදාව) පරාජය කරන ලදී. (12/10, 11/08, 11/09)
විවෘත මිශ‍්‍ර යුගල
රොහාන් සිරිසේන සහ ඉෂාරා මධුරංගි (ගුවන් හමුදාව) විසින් තරග වට 3-0 ක් ලෙස උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල) සහ රිද්මි කරදනාරච්චි (මහනුවර මහාමායා විදුහල) පරාජය කරන ලදී. (11/09, 11/04, 11/03)
ජ්‍යෙෂ්ඨ පිරිමි කේවල
චමින්ද රුද්‍රිගූ (ටී. එච්. විද්‍යායතනය) තරගය අතහැර යාම නිසා ඉන්දික ප‍්‍රසාද්ට (නාවික හමුදාව) නිතරග ජයක් හිමිවිය.
ප‍්‍රවීන පිරිමි කේවල
ලලිත් පි‍්‍රයන්ත (සමනල කී‍්‍රඩා සමාජය) විසින් තරග වට 3-0 ක් ලෙස ගාමිණී මොරායස් (ඇස්ට‍්‍රන් ක‍්‍රීඩා සමාජය) පරාජය කරන ලදී. (11/04, 11/02, 11/08)
ප‍්‍රවීන කාන්තා කේවල
තමරා හේවගේ (ප‍්‍රවීනයන්ගේ මේසපන්දු සංගමය) විසින් තරග වට 3-0 ක් ලෙස ශ්‍යාමලී හලන්ගොඩ පරාජය කරන ලදී. (11/03, 12/10, 11/07)
ඡයාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.