.jpg)
ශී‍්‍ර ලංකා සංචාරයේදී තමන්ගේ ඉලක්ක කරා යන බව පාකිස්තානු කණ්ඩායමේ පුහුණුකරු වකාර් යුනිස් මහතා කියයි.
පාකිස්තානු පිලේ ශී‍්‍ර ලංකා සංචාරයට ටෙස්ට් තරග 3 ක්, එක්දින තරග 5 ක් සහ විස්සයි:20 තරග දෙකක් ඇතුළත් වන අතර පාකිස්තානුවන්ගේ ඉලක්කය වන්නේ එක්දින තරගාවලිය ජයගනිමින් 2017 එංගලන්තයේදී ආරම්භ වන ශුරයන්ගේ කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමයි.
එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ මේ වන විට 9 වැනි ස්ථානයට පත්ව සිටින පාකිස්තානු පිලට ශී‍්‍ර ලංකා කණ්ඩායම පරාජය කළ හැකිවුවහොත් 8 වැනි ස්ථානයට පැමිණිය හැකිවන අතර සැප්තැම්බර් මස 30 වැනිදාට පෙර එම ස්ථානයට පැමිණිය හැකිවුවහොත් 2017 දී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව පාකිස්තානු පිලට ලැබෙනු ඇත. මෙම තරගාවලිය සඳහා සහභාගි වන්නේ අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 8 පමණි.
”අපි ටෙස්ට් තරගාවලිය වගේම එක්දින තරගාවලිය සඳහාත් ඉලක්ක සකස්කර ගෙනයි ඉන්නේ. ඒ ඉලක්ක කරා යාමටත්, 2017 දී ශූරයන්ගේ කුසලාන තරගාවලියට එක්වීමටත් කණ්ඩායමට හැකි වේයයි අපි මා විශ්වාස කරනවා” යයි වකාර් යුනිස් මහතා පැවසීය.
එසේ වුවත් පසුගිය වසරේ ජූනි මාසයේදී පාකිස්තානු කණ්ඩායමේ පුහුණුකරුවා වශයෙන් වකාර් යුනිස් මහතා වැඩ බාරගැනීමෙන් පසුව පාකිස්තානු පිල එක්දින තරගාවලි 5 ක් පරාජය විය. අවසන් වරට පාකිස්තානයේදී පැවැති තරගාවලියේදී සිම්බාබ්වේ පිල පරදවා තරගාවලි 2-0 ක් ජයක් ලබාගැනීමට පාකිසාතානු පිලට හැකිවිය.
”පුහුණුකරුවා වශයෙන් ඉන්නකොට නිතරම පීඩනයට ලක්වෙලා තමයි ඉන්නේ. තරග දිනනකොට වුණත් එහෙමයි. ඒත් අපි අනෙක් කාරණාත් හිතන්න වෙනවා”
”බරපතළම කාරණය තමයි අපට සයීඞ් අජ්මල්ගේ සේවය අහිමිවීම” යයිද වකාර් යුනිස් මහතා පැවසීය.
පාකිස්තානු පිල මෙන්ම ශී‍්‍ර ලංකා පිලත් තමන්ගේ කණ්ඩායම ගොඩනැංවීමේ අවධියක නිරතව සිටින නමුත් ශී‍්‍ර ලංකාවේදී තරග කිරීම පහසු කාරණයක් නොවන බවත් පාකිස්තානු පුහුණුකරුවා පැවසීය.
පාකිස්තානු පිලේ පළමු පුහුණු තරගය අනිද්දා (11 වැනිදා) කොළඹ කෝල්ට්ස් පිටියේදී පැවැත්වෙයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.