Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දුනීසියාව 52-36 කින් ශී‍්‍ර ලංකාව පරදවයි

ඉන්දුනීසියාව 52-36 කින් ශී‍්‍ර ලංකාව පරදවයි

දිලිනි මල්රුක්ෂි - 2013 නොවැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු වයස 16 න් පහළ කාන්තා පැසිපන්දු තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයෙන් ශී‍්‍ර ලංකාව පිල පරදවා ලකුණු 52 - 36 ක පහසු ජයක් ලබාගැනීමට ඉන්දුනීසියානු කී‍්‍රඩිකාවෝ සමත්වූහ.  මෙම තරගය ඊයේ (27 වැනිදා) කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.

මෙය ශ්‍රී ලංකා පිල මෙම තරගාවලියේදී පිට පිට ලැබූ පස්වැනි පරාජය වන අතර ඔවුන් සහභාගීවූ ඉතිරි තරග 4 ද හොංකොං, ජෝර්දාන් සහ තායිලන්ත, කසක්ස්තාන කණ්ඩායම් හමුවේ පරාජයට පත්විය.  

ඒ අනුව දෙවැනි කාණ්ඩයෙන් තරගාවලියට සහභාගීවූ ශ්‍රී ලංකා පිල එම කාණ්ඩයේ අවසන් ස්ථානයට පත්වෙමින් තරගාවලිය අවසන් කළේය. යම් හෙයකින් ඔවුන් එම කාණ්ඩයේ පළමු හෝ දෙවැනි ස්ථාන වලට පැමිණියා නම් පළමු කාණ්ඩයේ පස්වැනි හෝ හයවැනි ස්ථාන වල රැුදී සිටින කණ්ඩායම් සමග තරග කර ලබන වසරේදී පළමු කාණ්ඩයෙන් මෙම තරගාවලියට එක් වීමේ අවස්ථාවද තිබිණ.  

ආරම්භයේදී දක්ෂ ලෙස තරගයට අවතීර්ණවූ ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවෝ පළමු කාර්තුව නිමා වන විට ලකුණු 17 - 16 ක් ලෙස ඉන්දුනීසියා පිලට වඩා එක් ලකුණක් ඉදිරියෙන් සිටියහ.  ලකුණක පරතරය සැළකිල්ලට නොගෙන දෙවැනි කාර්තුවේදී ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවන්ට නොදෙවෙනි අයුරින් තරග වැදුන ඉන්දුනීසියා කී‍්‍රඩිකාවෝ, 28 - 28 ක් ලෙස ලකුණු තත්ත්වය සම මට්ටමේ පවත්වාගනිමින් තරගයේ පළමු අර්ධය නිමා කළහ.  

තෙවැනි කාර්තුව ආරම්භ වනවාත් සමගම ආක‍්‍රමණශීලී කී‍්‍රඩා විලාශයක් පෙන්නුම් කළ ඉන්දුනීසියා කී‍්‍රඩිකාවෝ ඉතා වේගවත් අන්දමින් ලකුණු 11 ක් රැුස්කළේ එම කාර්තුව තුළදී ශ්‍රී ලංකා පිල ලකුණු 5 කට සීමා කරමිනි.  තෙවැනි කාර්තුවේදී රදවාගත් ලකුණු 6 ක පරතරයට සිව්වැනි කාර්තුවේදී තවත් ලකුණු 10 ක් එක් කරගත් ඉන්දුනීසියා කී‍්‍රඩිකාවෝ, එහිදී ලකුණු 13 ලබාගනිමින් තම පිලේ ලකුණු තත්ත්වය 52 ක් දක්වා ඔසවා තබද්දී ශ්‍රී ලංකා පිලට එම කාර්තුවේදී ලකුණු 3 කින් සෑහීමකට පත්වීමට සිදුවිය.  

”මේක අපි හැමෝගෙම පළවෙනි තරගාවලිය..එක් තරගයක්වත් ජයග‍්‍රහණය කරා රැුගෙන යාමට නොහැකිවීම ගැන හුගක් කණගාටුයි. සමහර වෙලාවල් වල අපි තරමක් කළබල වුණා. ඒ නිසා ලකුණු ලබාගැනීමට තිබුණ අවස්ථා මගහැරී ගියා. ඒත් මේ තරගාවලියෙන් ලබාගත් අත්දැකීම් සමගින් ඉදිරියේදී ශ්‍රී ලංකාවට ජයග‍්‍රහණයක් අත්කරදීම අපේ එකම බලාපොරොත්තුවයි” තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට අත්වූ පරාජය පිළිඹඳව අප කළ විමසුමකදී ශ්‍රී ලංකා පිලේ නායිකා සෙනුරිද සිල්වා කියා සිටියාය.

මෙම තරගාවලියේදී මින් පෙර ශී‍්‍ර ලංකා පිල සහභාගීවූ සෑම තරගයකදීම ලකූණු 15 ට වඩා රැුස්කළ එකම කී‍්‍රඩිකාව වූ වෙන්නප්පුව ශුද්ධවූ පවුලේ බාලිකා පාසලේ නිර්මා සසන්ති සමරසිංහ (හොංකොං - 16, ජෝර්දානය - 17, තායිලන්තය - 15, කසකස්තානය 18) පැහැදිලි අනාගතයකට පෙරමං කියාපාමින් මෙම තරගයේදීද ලකුණු 18 ක් රැුස්කළාය. තරගාවලිය පුරා ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් වැඩිම දස්කම් දැක්වූ ඇය, මෙම තරගාවලියට සහභාගීවීම සඳහා තෝරාගත් කණ්ඩායමට තේරීපත්වූ එකම පිට පළාත් කී‍්‍රඩිකාවද වූවාය.  

රොෂාන් රන්දිම මහතා සහ සුසිල් ශාන්ත මහතා මෙම තරගාවලියේදී ශී‍්‍ර ලංකා පිලේ පුහුණුකරුවන් ලෙස කටයුතු කළහ.
ලබන වසරේදී ස්ලෝවැක් දේශයේ බැටිස්ලාවාහි පැවැත්වීමට නියමිත 17 න් පහළ කාන්තා ලෝක පැසිපන්දු ශූරතාවලයේදී ආසියාව නියෝජය කරන කණ්ඩායම් 3 තෝරාගැනීම සඳහා පැවැත්වෙන මෙම තරගාවලිය එළබෙන 30 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ත කී‍්‍රඩාංගණයේදී පැවැතවේ.  

තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ තරග සහ අවසන් වටයේ තරග ලබන 29 වැනිදා පැවැත්වෙන අතර තෙවැනි ස්ථානය තෝරාගැනීමේ තරගය සහ අවසන් මහ තරගය ලබන  30 වැනිදා පැවැත්වේ.


අදහස් (0)

ඉන්දුනීසියාව 52-36 කින් ශී‍්‍ර ලංකාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.