Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දීය නායිකාවගේ අපූරු ප්‍රතිචාරය

ඉන්දීය නායිකාවගේ අපූරු ප්‍රතිචාරය

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සහභාගි වූ ඉන්දියාව සහ පාකිස්තානය යන කණ්ඩායම් දෙකින් තමන් වඩාත් කැමති ක්‍රීඩකයා කවුරුන්ද යන්න විමසූ අවස්ථාවේදී ඉන්දීය ක්‍රිකට් නායිකා මිතාලි රාජ් අපූරු ප්‍රශ්නයකින් මාධ්‍ය නියෝජිතයකුට දමා ගසා තිබේ.

“ඔබ ඒ ප්‍රශ්නයම ක්‍රීඩකයන්ගෙනුත් අහනවාද?, ඔබ කැමතිම ක්‍රීඩිකාව කවුරුන්ද කියලා ඔබ ක්‍රීඩකයන්ගෙන් අහනවාද?” යන්න මිතාලි රාජ්ගේ ක්‍ෂණික ප්‍රතිචාරය වී තිබේ. ඉන්දීය නායිකාව මෙසේ විමසා ඇත්තේ කාන්තා ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කිරීමට පෙරදින පැවැති රාත්‍රී භෝජන සංග්‍රහකයකට සහභාගි වෙමින් සිටියදීය.

“මගෙන් ඇහැව්වේ මා කැමතිම ක්‍රිකට් ක්‍රීඩකයා කවුරුන්ද කියලයි. හරිනම් අහන්න ඕනෑ මා කැමතිම ක්‍රිකට් ක්‍රීඩිකාව කවුරුන්ද කියලයි” යයි කී ඉන්දීය නායිකාව තමන් ක්‍රීඩකයන් සමග සංසන්දනය කිරීම තේරුමක් නැති දෙයක් බවද  පවසන්නීය. ඇය වැඩිදුරටත් කියන්නේ තමන් රට නියෝජනය කරන නමුත් ඉන්දිය ක්‍රීඩකයන්ට තිබෙන පිළිගැනීම සහ ප්‍රසිද්ධිය තමන්ට නැති බවයි.

කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී තරගයක් ජයගන්නා කණ්ඩායමක් වෙනුවෙන් පිරිනැමෙන ත්‍යග මුදලත් (ඩොලර් 20,000 ක්) ශුරියන්ට හිමිවන ත්‍යාග මුදලත් (ඩොලර් 660,000 ක්) වැඩිකරමින් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට වැඩි පිළිගැනීමක් සොයාදීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව වෙහෙසෙයි.

 


අදහස් (0)

ඉන්දීය නායිකාවගේ අපූරු ප්‍රතිචාරය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.