Last Update  :  2024-04-28 13:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දීය ක්‍රීඩකයෝ හඹාගොස් ජය ලබති

ඉන්දීය ක්‍රීඩකයෝ හඹාගොස් ජය ලබති

editorial - 2023 නොවැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නායක සූර්යකුමාර් යාදව්ගේ ප්‍රවේගකාරී පිතිහරඹය හමුවේ ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර විසාඛාපට්නම්හිදී පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 2 ක තියුණු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (23 වැනිදා) සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 209 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩකයෝ, කඩුලු 8 ක් දැවී පන්දුවක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරාගත්හ. පන්දු 14 කට මුහුණදෙමින් හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 22 ක් රැස්කළ රිංකු සිං සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. 

වේගවත් පිතිහරඹයක නිරත වූ සූර්යකුමාර් යාදව් පන්දු 42 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 80 ක් රැස්කළ අතර ඉෂාන් කිෂන් (58) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 60 කදී ලකුණු 112 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඉන්දීය ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමුවේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව, ජොෂ් ඉංග්ලිෂ්ගේ වේගවත් ශතකය හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 3 ක් දැවී ලකුණු 208 ක් ලබාගත්තේය. පන්දු 50 කදී වාර්තා වූ ඉංග්ලිෂ්ගේ මංගල විස්සයි-20 ශතකයට හයේ පහර 8 ක් සහ හතරේ පහර 11 ක් අන්තර්ඝත විය. 

මෙම තරගයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කළ ස්ටීවන් ස්මිත්  පන්දු 41 කින් ලකුණු 52 ක් රැස්කළේ හතරේ පහර 8 ක් සමගිනි. අවසන් ඕවර කිහිපයේදී පිටියට පිවිසි ටිම් ඩේවිඩ් පන්දු 13 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 19 රැස්කළේය. 

ඕස්ට්‍රේලියාව - ඕවර 20 කදී කඩුලු 3 කට 208 
(ස්ටීවන් ස්මිත් 52, ජොෂ් ඉංග්ල්ෂ් 110, ටිම් ඩේවිඩ් නොදැවී 19) 

ඉන්දියාව - ඕවර 19.5 කදී කඩුලු 8 කට 209 
(යසස්වි ජයිස්වාල් 21, ඉෂාන් කිෂන් 58, සූර්යකුමාර් යාදව් 80, රිංකු සිං නොදැවී 22, ටැන්වීර් සැන්හා 47/2) 

-036


අදහස් (0)

ඉන්දීය ක්‍රීඩකයෝ හඹාගොස් ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.