Last Update  :  2025-08-06 17:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දීය ක්‍රිකට් ලොක්කන්ට රතු ඉරක්

ඉන්දීය ක්‍රිකට් ලොක්කන්ට රතු ඉරක්

editorial - 2021 ජුනි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝන වසංගතයෙන් එල්ල වන බලපෑම හමුවේ විස්සයි20 ලෝක කුසලාන තරඟාවලිය ඉන්දියාවේ පවත්වන්නේද නැද්ද යන්න තීරණය කිරීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ජුනි 28 දක්වා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට කාලය ලබා දී තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලි සහ ලේකම් ජේ ෂා යන මහත්වරුන් ඊයේ (1 වැනිදා) මුණගැසි ඇත. එහිදී ඔවුන් මේ බව සඳහන් කර තිබේ.

විස්සයි20 ලෝක කුසලානය මේ වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාස වලදී පැවැත්වීමට නියමිතය.

කොරෝනා දෙවැනි රැල්ලෙන් ඉන්දීය ජනතාව පීඩාවිදින අතර රටේ සෞඛ්‍ය තත්වය පිළිබඳ සවිස්තරාත්මක තක්සේරුවක් සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල මාසයක කාලයක් අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් ඉල්ලා සිටි අතර, එය ලබා දීමට ඔව්හු ඒකමතිකව එකඟ වූහ.

“ඔව්, අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉල්ලීමට එකඟ වී ඇති අතර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වීම පිළිබඳව තීරණය කිරීමට ජුනි 28 දා දක්වා කාලය තිබෙනවා. ඔවුන් ලබන මාසයේ දී නව සැලැස්මක් සහිතව අධ්‍යක්ෂ මණ්ඩලය හමුවට පැමිණෙනවා” යැයි අන්තර්ජාතික ක්‍රිකට් සභාව පවසයි.

වසංගතයේ තුන්වන රැල්ල හමුවේ ඉන්දියාවේදී මෙම තරගාවලිය පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට නොහැකි වුවහොත්, අයි.පී.එල්. තරගාවලියෙන් පසුව විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙනු ඇත. එහෙත්  විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග සඳහා අතිරේක ස්ථානයක් ලෙස ඕමාන්හි මස්කට් නුවර යොදා ගැනීමට ද අන්තර්ජාතික ක්‍රිකට් සභාව කටයුතු කරනු ඇත.

“එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වුවහොත් මැදපෙරදිග තවත් ක්‍රීඩාංගණයක් ඇතුළත් කිරීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු කරන ලෙස අන්තර්ජාතික ක්‍රිකට් සභාව කළමනාකාරිත්වයෙන් ඉල්ලා තිබේ” යයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මාධ්‍ය නිවේදනයකින් කියැවේ.

“සත්කාරක රට පිළිබඳ අවසන් තීරණය මේ මස අගදී ගනු ලැබේ. තරගාවලිය පැවැත්වෙන ස්ථානය කුමක් වුවත්, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එහි සත්කාරකත්වය දරනු ඇති බව අයි.සී.සී ය විසින් සනාථ කර ඇත.” යයිද එයින් කියැවේ.

“ඉන්දියාවේදී ගෝලීය තරගාවලිය සංවිධානය කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඉතා උනන්දු වෙයි. ඔවුන්ට එය අත්හැර දැමීමට අවශ්‍ය නැත. නමුත් සැප්තැම්බර් අවසානයේ තුන්වන රැල්ලක් ඇතිවේ නම් එය ඉන්දියාවේ පැවැත්වීම ඉතා අපහසු වනු ඇත. කොරෝනා ආසාදනය වීම් පහත වැටෙමින් පවතින නමුත් මේ වනවිට ඉන්දියාවේ දිනකට රෝගීන් 100,000 කට වඩා වාර්තා වෙනවා ”යැයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නියෝජිතයෙක් පැවසීය.

තරගාවලිය ඉන්දියාවේදී පැවැත්විය හැකි වුවත්, එහි තවත් සංචිධාන ගැටලු තිබේ. පාකිස්තානු කණ්ඩායම මුම්බායිහිදි ක්‍රීඩා කිරීම අවදානම් සහගත යෝජනාවක් ව තිබේ. පාකිස්තානය ඇතුළත් කාණ්ඩයේ තරග අහ්මදාබාද්හිදී පැවැත්වීම එයට එකම විකල්පය වනු ඇත.

කෙසේ වෙතත් නගර නවයක් තුළ තරගාවලිය පැවැත්වීම සඳහා අවස්ථාවක් නොමැති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

- 2079

 


අදහස් (0)

ඉන්දීය ක්‍රිකට් ලොක්කන්ට රතු ඉරක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.