Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑම දෙයක් පරණ වන තරමට එහි වටිනාකම වැඩිවේ. ඒ නිසාම දීර්ඝ සිනමා ඉතිහාසයක් තිබෙන බොලිවුඩයටත් 1983 ලෝක ශූරයන් වෙනුවෙන් සිනමා පටයක් නිශ්පාදනය කිරීම සඳහා වසර 38 ක් බලා සිටීමට සිදුවිය.
මේ වන විටත් සිනමාශාලා වෙත නිකුත් කර ඇති මෙම සිනමා පටය හින්දි, දෙමළ, තෙළිඟු, කණ්නඩ සහ මලයාලම් යන භාෂාවලින් දෙබස් කවා තිබේ. ඊට අමතරව ඉංගී‍්‍රසි උප ශීර්ෂ පාඨ වලින්ද සමන්විතය. ‘83’ චිත‍්‍රපටය මේ වන විට වැල්ලවත්ත සිනමා ශාලාවේදී ප‍්‍රදර්ශනය කෙරේ.
කබීර් ඛාන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘83’ නම් වූ මෙම සිනමා පටයේ ප‍්‍රධාන චරිතය හෙවත් නායක කපිල් දේව්ගේ චරිතය සඳහා සූදානම් වීමට බොලිවුඩයේ සුපිරි නළු රන්වීර් සිං මාස 6 ක් පුරා දිනකට පැය 4 බැගින් කි‍්‍රකට් පුහුණුවීම්වල නිරත වූයේය.
1983 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කිරීමට පෙර ශ්‍රේණිගත කිරීම්වල අසලවත් නොසිටි ඉන්දියාව, අවසන් මහ තරගයේදී ප‍්‍රබල බටහිර ඉන්දීය කොදෙව්වන් පරාජයට කරමින් ලෝක කුසලාන දිනාගත් අයරු මෙම සිනමා පටයේ දැක්වේ.
මූලික වටයේදී සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැති තරගයකදී ලකුණු 17 කට කඩුලූ 5 ක් බිඳවැටී තිබියදී පන්දුවට පහරදීමට පැමිණි කපිල් දේව්, පන්දු යවන්නන් සතේකට මායිම් නොකරමින් අනුකම්පා විරහිතව රැස්කළ ලකුණු 175 මෙම සිනමා පටය තුළ කාගේත් අවධානයට යොමු වී තිබේ.
අවසන් පූර්ව තරගයේදී ඉයන් බොතම්, ඩේවිඩ් ගවර් සහ බොබ් විලිස් වැනි ප‍්‍රබල කී‍්‍රඩකයන්ගෙන් සමන්විත වූ එංගලන්ත කණ්ඩායම පරාජය කළ කපිල් දේව්ගේ පිරිවර, අවසන් මහ තරගයේදී ජොයෙල් ගානර්, මැකලම් මාෂල් සහ මයිකල් හෝල්ඩිං වැනි නම් දරා සිටි වේග පන්දු යවන්නන්ගෙන් සමන්විත ලෝක ශූර කොදෙව් කණ්ඩායමට එරෙහිව තරග වැදුණ අයුරු මෙම සිනමා පටයේ අන්තර්ගත වේ.
තරගාවලිය ආරම්භයේ බටහිර ඉන්දීය කොදෙව්, ඕස්ටේ‍්‍රලියානු සහ එංගලන්ත කණ්ඩායම් කෙරෙහි වැඩි අවධානයක් යොමුකර සිටි මාධ්‍යවේදීත් තරගාවලියේ අවසානය කරා ලඟාවන විට කෙමෙන් කෙමෙන් ඉන්දීය කණ්ඩායම වටා එක් රොක් වූ අයුරුද කදිම ලෙස සිනමා පටයට ඇතුළත් කර තිබේ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.