Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පිතිකරුවන්ගේ සහ පන්දු යවන්නන්ගේ දස්කම් හමුවේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඩුබායිහිදී අද (5 වැනිදා) පැවැති තරගයකදී ස්කොට්ලන්තයට එරෙහිව කඩුලූ 8 ක ජයක් හිමිකර ගැනීමට ඉන්දියාව සමත්විය.
ජයග‍්‍රහණය සඳහා ඕවර 20 කදී ලකුණු 86 ක ඉලක්කයක් හඹාගිය ඉන්දියාව ඕවර 6.3 කදී කඩුලූ 2 ක් පමණක් දැවී පහසුවෙන් ඉලක්කය පසුකර යෑමට සමත්විය.
ලෝකේෂ් රාහුල් පන්දු 19 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 50 ක් ලබාගත් අතර රෝහිත් ෂර්මා පන්දු 16 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 30 ක් ලබාගනිමින් ඉන්දීය කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැුගෙන යාමට සමත්විය.
පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්තයට ඕවර 17.4 කදී සියලූදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 85 ක් පමණි.
ජෝර්ජ් මුන්සේ පන්දු 19 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 24 ක් සහ මයිකල් ලීස්ක් පන්දු 12 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 21 ක් රැස්කිරීමට සමත්වූහ.
පන්දුවෙන් දස්කම් දැක්වූ මොහොමඞ් ශාමී සහ රවින්ද්‍ර ජදේජා කඩුලූ 3 බැගින්ද, ජස්ප‍්‍රීට් බුම්රා කඩුලූ 2 ක් ද දවාගනිමින් ස්කොට්ලන්තය අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්වූහ.
ස්කොට්ලන්තය - ඕවර 17.4 කදී සියලූදෙනා දැවී 85
(ජෝර්ජ් මුන්සේ 24, මයිකල් ලීස්ක් 21, මොහොමඩ් ශාමී 15/3, රවින්ද්‍ර ජදේජා 15/3, ජස්ප‍්‍රීට් බුම්රා 10/2)
ඉන්දියාව - ඕවර 6.3 කදී කඩුලූ 2 ක් දැවී 89
(ලෝකේෂ් රාහුල් 50, රෝහිත් ෂර්මා 30)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.