Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියාවට 16 ක මලල ක්‍රීඩා කණ්ඩායමක්

ඉන්දියාවට 16 ක මලල ක්‍රීඩා කණ්ඩායමක්

editorial - 2021 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ඉන්දියාවෙන් ලැබුණු ආරාධනාවක් අනුව එරට පන්ජාබ් ප්‍රාන්තයේ පතියලා නගරයේදී මෙම 25  සිට 29 වැනිදා දක්වා පැවැත්වෙන ඉන්දීය අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය  සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගි කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය සූදානම් වෙයි. ශ්‍රී ලංකා මීටර 100x4 සහය දිවීමේ කණ්ඩායමද ඇතුළුව ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 16 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් ඒ සඳහා දැනටමත් සූදානම් කිරීමට ‘ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය පියවර ගෙන තිබේ.

 කසකස්ථාන තරග සංචාරය ප්‍රතික්ෂේප වුණු මීටර් 100 ක්‍රීඩක හිමාෂ ඒෂාන්ද පතියලා තරග සංචාරයට  නිර්දේශ කිරීමට එහිදී පියවර ගෙන තිබේ. 

පතියලා නගරයට ළඟාවන සංචාරක ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට නවාතැන් නොමිලේ ලබාදීමට ඉන්දීය මලල ක්‍රීඩා ප්‍රධානින් එකඟවී තිබේ. ශ්‍රී ලංකා කාන්තා මලල ක්‍රීඩා සහය දිවීමේ කණ්ඩායම සඳහා පූර්ණ අනුග්‍රහය දැක්වීමටද ඔවුන් ඉදිරිපත්ව තිබේ. 
ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා මීටර 100 කාන්තා සහය දිවිමේ කණ්ඩායමක් සහභාගි කිරීමට උනන්දුවී සිටින ඉන්දියාව පතියලා තරගවලියේදී එම ඉසව්වේ තරගකාරීත්වය ඉහළ දැමීම සඳහා  ශ්‍රී ලංකාවට අරාධනා කර තිබේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අවසන් වරට ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියකදී මුණ ගැසුණු වසර 2019 දෙසැම්බර් මාසයේ නේපාලයේ කත්මන්ඩු නුවරදී  පැවැති 13 වැනි මලල ක්‍රීඩා තරගාවලියේදීය. එහිදී ශ්‍රී ලංකාව මීටර  100x4 කාන්තා සහය දිවිමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

මෙම 19-20 කසකස්තානයේදී පැවැත්වෙන ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලිය සඳහා නිර්දේශ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කීපදෙනකුත් පතියලා තරග සංචාරයට තවදුරටත් නිර්දේශ වී සිටියි.  ඔවුන් බොහෝ විට එම තරග සංචාරය  නිමවා එහි සිට කෙළින්ම ඉන්දියාවේ පතියලා නගරයට ළඟාවීමට මේ වනවිට සැළසුම් කරමින් සිටින බවද වාර්තාවේ.

2020 මාර්තු මාසයේ සිට ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතය උද්ගතවීමෙන් පසුව ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි විදෙස් තරග සංචාරය මෙයයි. 

පතියලා නගරයේදී පැවැත්වෙන ඉන්දීය අන්තර්  ප්‍රාන්ත තරගාවලිය සඳහා ලෝක මලල ක්‍රීඩා ආයතනයේ තෙවැනි පෙළ (ලෝකඩ) නිර්දේශ හිමිව තිබේ. ඒ අනුව එහිදී ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සිය මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තවදුරටත් මෙම තරගාවලිය හමුවේ නිර්දේශ ලබා ගැනීමට ඉන්දියාව උනන්දු වී සිටියි. ඔලිම්පික් සුදුසුකම් ලබාගැනීමේ අවසන් දිනය වන්නේත් පතියලා තරගාවලිය අවසන් වන ජුනි 29 වැනිදාය. 

දරුණු ‘කොවිඩ්’ වසංගත තත්ත්වයකට මේ වනවිට  මුහුණදී සිටින ඉන්දියාවද  මෙම තරගාවලිය එරට ජාතික මලල ක්‍රීඩා  සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් විවෘත කිරීමට තීරණය කර තිබේ. ඒ අතර දැඩි කොවිඩ් නිවාරණ නීති රීති යටතේ තරගාවලිය පැවැත්වීමටත් ඉන්දීය බලධාරීන් තීරණය කර තිබේ. 

ඉන්දියාවේ ජාතික මලල ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත්තේද පතියලා නගරයේය.

විමලසේන පෙරේරා මහතාගේ සභාපතීත්වයෙන්  යුත් ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටුව මෙම මලල ක්‍රීඩා තරග සංචාර දෙකටම අනුමැතිය ලබාදී  ඇති බවද වැඩිදුරටත් වාර්තාවේ.
මීට පෙර අවස්තාවකදී ඔලිම්පික් තරග වරම් හිමිකර ගත් හෙල්ල විසි කිරීමේ මෙරට ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩිකාවන් වන නදීකා ලක්මාලිද ඉන්දීය තරග සංචාරයට නිර්දේශ වී සිටියි.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු ලෙසින් ලාල් චන්ද්‍රකුමාර මහතාත් පුහුණුකරුවන් ලෙස ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු වයි.කේ. කුලරත්න සහ ඩබ්ලිව්. කේ.ජේ තුෂාර යන මහත්වරුද සහභාගි වෙති. 

ඉන්දීය අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම 

ක්‍රීඩකයෝ
යුපුන් අබේකෝන්, හිමාෂ ඒෂාන් (මීටර 100), කාලිංග කුමාරගේ, අරුණ දර්ශන (මීටර 400), උෂාන් තිවංක පෙරේරා (උස පැනීම), සුමේධ රණසිංහ, වරුණ ලක්ෂාන් අබේරත්න (හෙල්ල විසි කිරීම)
ක්‍රීඩිකාවෝ 
නදීෂා රාමනායක (මීටර 400), නිමාලි ලියනආරච්චි (මීටර 800), නිලානි රත්නායක (මීටර 3000 බාධක), නදීකා ලක්මාලි (හෙල්ල විසි කිරීම) 
මීටර  100x4 (කාන්තා) කණ්ඩායම
අමාෂාද සිල්වා, ෂෙලින්ඩා ජැන්සන්,  පාතිමා යමීන් හා ඉරේෂා මේධානි ජයමාන්න
අතිරේක ක්‍රීඩිකාව :- ඩබ්.වී.එල්. සුගන්ධි 


අදහස් (0)

ඉන්දියාවට 16 ක මලල ක්‍රීඩා කණ්ඩායමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.