Last Update  :  2024-04-29 18:03:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියාව ටෙස්ට් තරගාවලිය සම කරයි

ඉන්දියාව ටෙස්ට් තරගාවලිය සම කරයි

editorial - 2024 පෙබ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාව සහ එංගලන්තය අතර විසාකාපට්නම්හිදී පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 106 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දියාව අද (5 වැනිදා) සමත් විය. මෙම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට පත්කිරීමටද ඉන්දියාවට හැකි විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 399 ක ඉලක්කයක් හඹාගිය එංගලන්තයට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 292 ක් පමණි. එංගලන්ත පළමු ඉනිමේදී දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 6 ක් දවාගත් ජස්ප්‍රීට් බුම්රා, දෙවැනි ඉනිමේදීද කඩුලු 3 ක් බිඳහෙළමින් තරගයේ වීරයා බවට පත්විය. 

තෙවැනි දිනය වූ ඊයේ (4 වැනිදා) කඩුල්ලක් දැවී ලකුණු 67 ක් ලබා සිටි එංගලන්ත ක්‍රීඩකයෝ, අද දිනයේදී සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 225 ක් එක්කර ගත්හ. එහිදී සැක් ක්‍රොව්ලි හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 73 ක් රැස්කළ නමුත් එංගලන්ත කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට තරම් එය ප්‍රමාණවත් නොවීය. 

ලකුණු 220 කට කඩුලු 7 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී බෙන් ෆෝක්ස් (36) සහ ටොම් හාට්ලි (36) එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 55 ක සම්බන්ධතාවක් ගොඩනැගූ නමුත් ඔවුන්ට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි වූහ. එහිදී එංගලන්ත පිතිකරුවන් පීඩනයට පත් කිරීම සඳහා බුම්රාට අනගි සහායක් දුන් රවිචන්ද්‍රන් අෂ්වින්ද කඩුලු 3 ක් දවාගත්තේය. 


ඉන්දීය පළමු ඉනිම - සියලු දෙනා දැවී 396 
(යෂස්වි ජයිස්වාල් 209, ශුබ්මන් ගිල් 34, ශ්‍රෙයාස් අයියර් 27, රජිත් පටීදාර් 32, අක්සර් පටේල් 27, ශීකර් භාරත් 17, රවිචන්ද්‍රන් අෂ්වින් 20, ජේම්ස් ඇන්ඩසන් 47/3, රෙහාන් අහමඞ් 65/3, ශොයිබ් බෂීර් 138/3) 

එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 253
(සැක් ක්‍රොව්ලි 76, බෙන් ඩකට් 21, රෙහාන් අහමඞ් 23, ජොනී බෙයාස්ටෝ 25, බෙන් ස්ටෝක්ස් 47, ටොම් හාට්ලි 21, ජස්ප්‍රීට් බුම්රා 45/6, කුල්දීප් යාදව් 71/3) 

ඉන්දීය දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 255 
(යෂස්වි ජයිස්වාල් 17, ශුබ්මන් ගිල් 104, ශ්‍රෙයාස් අයියර් 29, අක්සර් පටේල් 45, රවිචන්ද්‍රන් අෂ්වින් 29, ටොම් හාට්ලි 77/4, රෙහාන් අහමඞ් 88/3, ජේම්ස් ඇන්ඩසන් 29/2) 

එංගලන්ත දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 292 
(සැක් ක්‍රොව්ලි 73, බෙන් ඩකට් 28, රෙහාන් අහමඞ් 23, ඔලී පෝප් 23, ජෝ රූට් 16, ජොනී බෙයාස්ටෝ 26, බෙන් ෆෝක්ස් 36, ටොම් හාට්ලි 36, ජස්ප්‍රීට් බුම්රා 46/3, රවිචන්ද්‍රන් අෂ්වින් 72/3) 

-036 


අදහස් (0)

ඉන්දියාව ටෙස්ට් තරගාවලිය සම කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.