Last Update  :  2025-08-03 21:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියාව 278 කට සීමාවෙයි

ඉන්දියාව 278 කට සීමාවෙයි

editorial - 2021 අගෝ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ඉතාමත් අසීරු තත්ත්වයන් යටතේ වුවත් අර්ධ ශතක ලබාගත් ලෝකේෂ් රාහුල් (84) සහ රවීන්ද්‍ර ජදේජා (56) එංගලන්තයට එරෙහිව ටේ‍රන්ට්බි්‍රජ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනයේදී ඉන්දීය කණ්ඩායම ඉදිරියට ගෙන ගියේය. තරගයේ තුන්වැනි දිනය වන අද (6 වැනිදා) ඉන්දීය පිල සියලුදෙනා දැවී ලකුණු 278 ක් ලබා ගනිමින් එංගලන්තයට වඩා ලකුණු 95 කින් ඉදිරියෙන් පසුවන්නේය.

ලෝකේෂ් රාහුල් ඉන්දීය පිල වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් මිනිත්තු 346 ක කාලයක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 214 කදී හතරේ පහර 12 ක් සමගින් ලකුණු 84 ක් ලබාගත් අතර ජේම්ස් ඇන්ඩර්සන්ගේ පන්දුවක් හමුවේ ජොස් බට්ලර් අතර උඩපන්දුවක් දෙමින් ඔහු දැවී ගියේය. රාහුල්ට අනගි සහයක් ලබාදුන් රවීන්ද්‍ර ජදේජා, ඔලී රොබින්සන්ගේ පන්දුවක් හමුවේ ස්ටුවර්ට් බ්‍රොඩ් අතට උඩපන්දුවක් දෙමින් දැවී යන විට ලකුණු 56 ක් රැස්කර සිටියේය. මිනිත්තු 126 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි ජදේජා පන්දු 86 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් එල්ල කළේය.

ලෝකේෂ් රාහුල් සහ රවීන්ද්‍ර ජදේජා අතර 6 වැනි කඩුල්ල සඳහා පැවැත්වූ සම්බන්ධතාව ලකුණු 60 කි.

දෙවැනි දිනයේ මෙන්ම අදත් වර්ෂාවෙන් තරගයට බාධා පැමිණියේය. එම තත්ත්වය මැනවින් ප්‍රයෝජනයට ගත් එංගලන්ත පන්දු යවන්නෝ නොටිංහැම් තණතීරුවේදී පන්දුව හොඳින් දෝලනය කරමින් ඉන්දීය පිතිකරුවන්ට දිගින් දිගටම කරදර කළහ. එහෙත් එංගලන්ත පන්දු යවන්නන් ගණනකට නොගත් රිෂාබ් පන්ට්, පන්දු 20 කින් ලකුණු 25 ක් ලබාගත්තේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඊට ඇතුළත් කරමිනි.

පන්ට්ගේ අරමුණ වූයේ ඒ වන විට තරගයේ පාලනය අතට ගෙනසිටි එංගලන්ත පන්දු යවන්නන් මෙල්ල කිරීම වූවත්, අවසානයේදී එංගලන්ත පන්දු යවන්නෝම සටනින් ජයගත්හ.

මංගල තරගයෙන් පසුව තරග තහනමකට ලක්වූ ඔලී රොබින්සන් නැවතත් පන්දුවෙන් දස්කම් දක්වමින් කඩුලු 5 ක් දවාගැනීමට සමත්විය. ජේම්ස් ඇන්ඩර්සන්ද කඩුලු 4 ක් දවාගනිමින් ඉන්දීය පිතිකරුවන් මෙල්ල කිරීමට සමත්විය.

වර්ෂාව හේතුවෙන් තෙවැනි දිනය අවසන් කරන විට එංගලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කිසිවකු නොදැවී ලකුණු 25 ක් රැස්කර සිටියේය. ඒ අනුව ඉන්දියාවට වඩා ලකුණු 70 ක් එංගලන්පතය පසුපසින් සිටින්නේය.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි දෙවසර ආරම්භ කරමින් පැවැත්වෙන මෙම තරගය තරග 5 කින් සමන්විත තරගාවලියක පළමු වැන්නයි.


එංගලන්තය - පළමු ඉනිම 183 යි
(ඩොමිනික් සිබ්ලි 18, සැක් ක්‍රෝලි 27, ජෝ රූට් 64, ජොනී බෙයාර්ස්ටෝ 29, සෑම් කරන් නොදැවී 27, ජස්ප්‍රීට් බුම්රා 46/4, මොහොමඩ් සාමි 28/3, ශර්දුල් ඨාකූර් 41/2)

ඉන්දීයාව - පළමු ඉනිම සියලුදෙනා දැවී 278 යි
(රෝහිත් ෂර්මා 36, ලෝකේෂ් රාහුල් 84, රිෂාබ් පන්ට් 25, රවීන්ද්‍ර ජදේජා 56, ජස්ප්‍රීට් බුම්රා 28, ජේම්ස් ඇන්ඩසන් 54/4, ඔලී රොබින්සන් 85/5)

එංගලන්තය - දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 25

(රොරී බර්න්ස් නොදැවී 11, ඩොම් සිබ්ලි නොදැවී 9)

 


 

- 213

 


අදහස් (0)

ඉන්දියාව 278 කට සීමාවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.