Last Update  :  2025-08-20 15:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියාව 224 කට දැවීයයි
ඕවල් ටෙස්ට් තරගය

ඉන්දියාව 224 කට දැවීයයි

editorial - 2025 අගෝ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

සිව්වැනි වතාවටත් ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 ක් දවාගත් ගස් ඇට්කින්සන් (33/5) සහ ජොෂ් ටංග් (57/3) එක්ව ලන්ඩන් ඕවල් පිටියේදී පැවැත්වෙන පස්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (1 වැනිදා) ඉන්දීය පිල ලකුණු 224 කට සීමා කළහ. ගස් ඇට්කින්සන් මෙම සුවිශේෂී පන්දු යැවීම ප්‍රදර්ශනය කළේ මාස දෙකකට පසුව නැවත කණ්ඩායමට එක්වෙමිනි. 

ටෙස්ට් තරගය පැවැත්වෙන ලන්ඩන් ඕවල් පිටිය සරේ ප්‍රාන්තයට අයිති වන අතර ගස් ඇට්කින්සන් ක්‍රීඩා කරන්නේ ද සරේ ප්‍රාන්ත පිල වෙනුවෙනි. කඩුලු 6 කට ලකුණු 204 ක් ලබා සිටියදී අද උදෑසන තරගය ආරම්භ කළ ඉන්දීය පිලේ අවසන් කඩුලු හතරෙන් තුනක් ම ගස් ඇට්කින්සන් සතු විය. 

අද උදෑසන තරගය ආරම්භ කිරීමෙන් පසුව ජොෂ් ටංග් යැවූ පළමු ඕවරයේදීම ඉන්දියානුවෝ ලකුණු 9 ක් ලබාගත්හ. එහෙත් ජොෂ් ටංග්ගේ ඊළඟ ඕවරයේදී කරුන් නයර් දැවී ගිය අතර ඉන්දීය පිලේ අවසන් කඩුලු 4 ම ලකුණු 06 ක් ඇතුළත ඇද වැටිණ. 

මේ අතර ඊයේ පන්දු රකිමින් සිටියදී මුහුණ දුන් අනතුරක් හේතුවෙන් උරහිස් සන්ධියේ විසන්ධි වීමක් හේතුවෙන් මෙම තරගයේ ඉතිරි කොටසේදී ක්‍රිස් වෝක්ස්ට අහිමි වන බවත් එංගලන්ත ක්‍රිකට් බලධාරීහු අද උදෑසන නිවේදනය කළහ. 


ඉන්දියාව - පළමු ඉනිම 224 යි
(ලෝකේෂ් රාහුල් 14, සායි සුදර්ශන් 38, ෂුබ්මන් ගිල් 21, කරුන් නයර් 57, ධූර්වි ජූරල් 19, වොෂිංටන් සුන්දර් 26, ගස් ඇට්කින්සන් 33/5, සහ ජොෂ් ටංග් 57/3)

- 213


අදහස් (0)

ඉන්දියාව 224 කට දැවීයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.