Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියානුවෝ මුල් ඉනිමේ වාසිය ගනිති
ධරම්ශාලා ටෙස්ට් තරගය

ඉන්දියානුවෝ මුල් ඉනිමේ වාසිය ගනිති

editorial - 2024 මාර් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අවසන් ටෙස්ට් තරගයේදී හෝ ජයග්‍රහණයක් ගැන සිහින දකිමින් සිටි එංගලන්ත කණ්ඩායමේ සියලු බලාපොරොත්තු සුන්නත්දූලි කළ ඉන්දීය පිතිකරුවෝ ඉන්දියාවේ ධරම්ශාලා නුවරදී පැවැත්වෙන පස්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (8 වැනිදා) ලකුණු 255 ක මුල් ඉනිමේ වාසියක් අත්පත් කරගත්හ. එංගලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 218 ට පිළිතුරු ලෙසින්, තරගයේ දෙවැනි දිනය වූ අද (08 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ඉන්දියානුවෝ සිය පළමු ඉනිමේදී කඩුලු 8 ක් දැවී ලකුණු 473 ක් ලබා තිබිණ. 

රෝහිත් ෂර්මා (103) සහ ෂුබ්මන් ගිල් (110) දෙදෙනාගේ ශතක දෙකත්, කෝඩුකාර දෙව්දූත් පඩික්කාල් (65) ඇතුළු මැද පෙළ පිතිකරුවන්ගේ සාර්ථකත්වයත් නිසා ඉන්දියානුවෝ පහසුවෙන්ම මුල් ඉනිමේ වාසිය අත්කර ගත්හ. ඉන්දීය ඉනිමේ 8 වැනි කඩුල්ල ලකුණු 428 දී බිඳ වැටුණ නමුත් 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 45 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ කුල්දීප් යාදව් (නොදැවී 27) සහ ජස්ප්‍රීට් බුම්රා (නොදැවී 19) එංගලන්ත පන්දු යවන්නන් අසහනයට පත්කරමින් කඩුල්ලේ රැඳී සිටියහ. 

තරග 5 කින් සමන්නිත තරගාවලියේ පළමු තරගය ජයගත් එංගලන්තය එතැනින් පසුව පැවැති තරග 4 ම පරාජය විය. මේ වන විටත් 1-3 ක් ලෙසින් තරගාවලියේ පසුපසින් සිටින එංගලන්තය සංචාරය නිමාවීමට පෙර සැනසිලිදායක ජයක් සොයමින් සිටී. 


එංගලන්තය - පළමු ඉනිම 218 යි
(සැක් ක්‍රෝලි 79, බෙන් ඩකට් 27, ඔලී පෝප් 11, ජෝ රූට් 26, ජොනී බෙයාර්ස්ටෝ 29, බෙන් ෆෝක්ස් 24, ෂොයිබ් බෂීර් නොදැවී 11, රවිචන්ද්‍රන් අශ්වින 51/4, කුල්දීප් යාදව් 72/5)

ඉන්දියාව - පළමු ඉනිම කඩුලු 8 ට 473 යි
(යශස්වී ජයිස්වාල් 57, රෝහිත් ෂර්මා 103, ෂුබ්මන් ගිල් 110, දෙව්දූත් පඩික්කාල් 65, සර්ෆරාස් ඛාන් 56, රවීන්ද්‍ර ජදේජා 15, ධූර්වි ජූරල් 15, කුල්දීප් යාදව් නොදැවී 27, ජස්ප්‍රීට් බුම්රා නොදැවී 19, ටොම් හාට්ලි 126/2, ෂොයිබ් බෂීර් 170/4)

 - 213


අදහස් (0)

ඉන්දියානුවෝ මුල් ඉනිමේ වාසිය ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.