Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය දින 3 ක් ඇතුළත ඉනිමකින් සහ ලකුණු 140 කින් ජයගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සෙනසුරාදා (4 වැනිදා) සමත් විය. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දියානුවෝ සමත්ව සිටිති.
ඉනිමක පරාජයකින් ගැළවීම සඳහා ලකුණු 286 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණදුන් කොදෙව්වන්ට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 146 ක් පමණි. එහිදී අනර්ඝ පන්දු යැවීමක නිරත වූ රවින්ද්‍ර ජදේජා ලකුණු 54 කට කඩුලු 4 ක් දවාගත්තේය.
කොදෙව් දෙවැනි ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ජදේජාට අනගි සහායක් දුන් මොහොමඩ් සිරාජ් ලකුණු 31 කට කඩුලු 3 ක් දවාගත් අතර කුල්දීප් යාදව් කඩුලු 2 ක් බිඳහෙළුවේ ප්‍රතිවාදීන්ට ලකුණු 23 ක් ලබා දෙමිනි. තරගය පුරා පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දැක්වූ දස්කම් හේතුවෙන් ජදේජා තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
දෙවැනි දිනය සඳහා ක්‍රීඩාව නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 448 ක් ලබා සිටි ඉන්දීය කණ්ඩායම, තෙවැනි දින උදෑසන සිය ඉනිම අත්හිටුවමින් කොදෙව් කණ්ඩායමට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීම සඳහා ආරධනා කර සිටියේය.
එහිදී සිය 6 වැනි ටෙස්ට් ශතකය ලබාගත් රවින්ද්‍ර ජදේජා (නොදැවී 104) හයේ පහර 5 කින් සහ හතරේ පහර 6 කින් එය අලංකාර කළේය. ධෘව් ජුරෙල් (125) සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 206 ක සම්බන්ධතාවක් ගොඩගැනීමටද ජදේජා සමත් වූ අතර ජුරෙල්ගේ මංගල ටෙස්ට් ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 15 කින් සමන්විත විය.
කොදෙව් පළමු ඉනිම - සියලු දෙනා දැවී 162
(රොස්ටන් චේස් 24, ශායි හෝප් 26, ජස්ටින් ග්‍රේව්ස් 32, මොහොමඩ් සිරාජ් 40/4, ජස්ප්‍රීට් බුම්රා 43/3, කුල්දීප් යාදව් 25/2)
ඉන්දීය පළමු ඉනිම - කඩුලු 5 ක් දැවී 448
(යශස්වි ජයිස්වාල් 36, ලෝකේෂ් රාහුල් 100, ශුබ්මල් ගිල් 50, ධෘව් ජුරෙල් 125, රවින්ද්‍ර ජදේජා නොදැවී 104, රොස්ටන් චේස් 90/2)
කොදෙව් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 146
(ඇලික් ඇතෑනස් 38, ජස්ටින් ග්‍රේව්ස් 25, ජේඩන් සීල්ස් 22, රවින්ද්‍ර ජදේජා 54/4, මොහොමඩ් සිරාජ් 31/3, කුල්දීප් යාදව් 23/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.