Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියානුවෝ ටෙස්ට් තරගය දිනති

ඉන්දියානුවෝ ටෙස්ට් තරගය දිනති

editorial - 2024 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නුවර නිව්ලන්ඞ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගය කඩුලු 7 කින් ජයගැනීමට ඉන්දීය ක්‍රීඩකයෝ අද (04 වැනිදා) සමත් වූහ. ඉන්දීය කණ්ඩායමේ ඉලක්කය වූයේ ලකුණු 79 කි. 

කඩුලු 3 ක් පමණක් දැවී එම ලකුණු සංඛ්‍යාව ලබාගත් ඉන්දියානුවෝ දින දෙකක් ඇතුළතදී දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙසින් සම කළහ. අද දිවා ආහාරයෙන් පැයකට පමණ පසුව තරගය අවසන් විය. 

මුල් ඉනිමේදී ලකුණු 15 කට කඩුලු 6 ක් දවාගත් මොහොමඞ් සිරාජ් තරගයේ වීරයා වශයෙන් සම්මාන දිනාගත්තේය. සිරාජ්ගේ පන්දු යැවීම හේතුවෙන් සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 55 කට සීමා විය. 

පළමු දිනයේදී කඩුලු 23 ක් බිඳ වැටුණු අතර දෙවැනි දිනය ආරම්භයේදීම ජස්ප්‍රීට් බුම්රා තරගයේ පාලනය සියතට ගත්තේය. දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු ඒඞ්න් මාක්රම් අති විශිෂ්ට ශතකයක් ලබාගත් නමුත් බුම්රාගේ පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිමත් ලකුණු 176 කට සීමා විය. පන්දු 103 කින් ලකුණු 106 ක් ලබාගත් මාක්රම්ගේ ඉනිමට හතරේ පහර 17 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් වී තිබිණ. 

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ තාවකාලික නායකයා වූ ඩීන් එල්ගා මෙම තරගයත් සමගින් ටෙස්ට් පිටියෙන් සමුගත්තේය. එල්ගා කීවේ තණතීරුව සම්බන්ධයෙන් තමන් ගත් තීරණය වැරදි සහගත බවයි. 

අඩුම ඕවර සංඛ්‍යාවකින් (ඕවර 107) අවසන් වූ ටෙස්ට් තරගය ලෙස මෙම ටෙස්ට් තරගය ක්‍රිකට් ඉතිහාසයට එක්විය. 


දකුණු අප්‍රිකාව - පළමු ඉනිම 55 යි
ඉන්දියාව - පළමු ඉනිම 153 යි
දකුණු අප්‍රිකාව - දෙවැනි ඉනිම 176 යි

(ඒඞ්න් මාක්රම් 106, ඩීන් එල්ගා 12, ඬේවිඞ් බෙඩින්ග්හැම් 11, මාකෝ ජැන්සන් 11, ජස්ප්‍රීට් බුම්රා 61/6, මුකේෂ් කුමාර් 56/2)
ඉන්දියාව - දෙවැනි ඉනිම කඩුලු 3 ට 80 යි
(යසස්වී ජයිස්වාල් 28, රෝහිත් ෂර්මා නොදැවී 16, ෂුබ්මන් ගිල් 10, විරාට් කෝලි 12)

- 213


අදහස් (0)

ඉන්දියානුවෝ ටෙස්ට් තරගය දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.