
එකම ඔලිම්පික් තරගාවලියකදී ඉන්දියාවේ පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙකම හොකී අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටිති.
ඉන්දීය පිරිමි හොකී කණ්ඩායම ඊයේ (ඉරිදා) පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී මහා බ්‍රිතාන්‍යය ගෝල 3-1 කින් පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. ඉන්දීය කාන්තා හොකී කණ්ඩායම අද පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී ඕස්ට්‍රේලියාව ගෝල 1-0 කින් පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
සිය හොකී කණ්ඩායම් ලබාගත් මෙම ජයග්‍රහණ ඉන්දීය හොකී ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන බව ඉන්දීය ක්‍රීඩා ප්‍රවීණයෝ පවසති.
ඉන්දීය පිරිමි හොකී කණ්ඩායමේ හිටපු නායක විරේන් රස්කිනා පවසන්නේ ‘තරගාවලි ඉතිහාසය පුරාම මෙම අවධියේදී සිදුවූ විශාලතම පෙරළිය මෙය බවයි....
“අපි ගොඩාක් ආඩම්බර වෙනවා අපේ කාන්තාවන් ගැන“ යැයි ඔහු ට්විටර් ගිණුමේ සඳහන් කරනු ලැබ තිබිණ.
ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ඉන්දියාවේ සමස්ත දස්කම් මෙතෙක් ඇල්මැරුණූ ස්වභාවයක් ගත්තද එරට හොකී ක්‍රීඩකයින්ට එය උත්කර්ෂවත් සතියකි. ඔලිම්පික් උළෙලේ පිරිමි සහ කාන්තා හොකී කණ්ඩායම් අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙයයි.
“එය ආශ්චර්යවත් වගේම විස්මිත මොහොතක්.... අපි හරිම ආඩම්බරයි“ යැයි හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රිඩක විරේන්ද්‍ර සෙවැග් පැවසීය.
ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගය පුරාම ඉන්දියාව දැඩි ආක්‍රමණශීලී හා උපායමාර්ගානුකූලව ක්‍රීඩා කළේය. සවිටා පුනියාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම ඕස්ටේලියානු ප්‍රහාරයන් අති දක්ෂ ලෙස වළක්වා ගත් අතර අවස්ථාව ලැබුණු සැණින් ගෝලයක් ලබාගැනීමට ගුරුජිත් කෞර් සමත් වූවාය.
මෙවර ඔලිම්පික් තරගාවලිය පුරාම ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් ලබාගැනීමට අවසර දි ඇත්තේ එකම ගෝලයකි. එයද ඉන්දියාවට එරෙහිවය.
පිරිමි අවසන් පූර්ව තරග ප්‍රතිඵල
ජර්මනිය විසින් ආර්ජන්ටිනාව පරාජය කරන ලදි. (3-1)
ඕස්ට්‍රේලියාව විසින් දඬුවම් පහර මත නෙදර්ලන්තය පරාජය කරන ලදි (3-0)
බෙල්ජියම විසින් ස්පාඤ්ඤය පරාජය කරන ලදි (3-1)
ඉන්දියාව විසින් මහා බ්‍රිතාන්‍යය පරාජය කරන ලදි (3-1)
කාන්තා අවසන් පූර්ව තරග ප්‍රතිඵල
ආර්ජන්ටිනාව විසින් ජර්මනිය පරාජය කරන ලදි (3-0)
ඉන්දියාව විසින් ඕස්ට්‍රේලියාව පරාජය කරන ලදි (1-0)
නෙදර්ලන්තය සහ නවසීලන්තය අතර තරගය දැන් පැවැත්වේ
ස්පාඤ්ඤය සහ එංගලන්තය අතර තරගය තව නොබෝ වේලාවකින් ආරම්භ වීමට නියමිතය.
- 535
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.