Last Update  :  2025-07-27 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දිය - ශ්‍රී ලංකා දිවා/රාත්‍රී ටෙස්ට් තරගයක්
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය

ඉන්දිය - ශ්‍රී ලංකා දිවා/රාත්‍රී ටෙස්ට් තරගයක්

editorial - 2022 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිවා-රාත්‍රී ටෙස්ට් තරගයක් බැංගලෝර්හිදී පැවැත්වෙන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සව්රව් ගංගුලි මහතා අද (3 වැනිදා) තහවුරු කළේය. 

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව එක්දින තරග තුනකට සහ විස්සයි20 තරගාවලියකට ඉන්දීය කණ්ඩායම සත්කාරකත්වය දරන අතර සංචාරය පෙබරවාරි 6 වැනිදා ආරම්භ වේ. බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව සීමිත ඕවර තරගාවලිය අවසන් වීමෙන් පසුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සහ තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතය. 

විරාට් කෝලි ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වූ බැවින් නව නායකයෙකු යටතේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියට ඉන්දියා කණ්ඩායම ක්‍රීඩා කරනු ඇත.

මින් පෙර, ඉන්දියාව 2019 නොවැම්බර් මාසයේදී බංග්ලාදේශයට එරෙහිව ඊඞ්න් ගාඞ්න්හිදී  සහ 2021 පෙබරවාරි මාසයේදී එංගලන්තය සමඟ අහමදාබාද්හිදී රෝස පන්දුවෙන් ක්‍රීඩා කර ඇත. එම තරග දෙකම දින තුනකින් අවසන් කරමින් ජය ගැනීමට ඉන්දියාව සමත්විය.

“රෝස පන්දු ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ බැංගලෝරයේ. අපි තවමත් ශ්‍රී ලංකා තරඟාවලිය පැවැත්වෙන සියලුම ස්ථාන තීරණය කරලා නෑ. නමුත් එය ඉක්මනින් ප්‍රකාශයට පත් කරනවා” යැයි ද ගංගුලි මහතා ස්පෝර්ට්ස්ටාර් වෙත පැවසීය.

ශ්‍රී ලංකාව මින් පෙර 2017 වසරේදී පාකිස්තානයට ද, 2018 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට සහ 2019 වසරේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව රෝස පන්දුවෙන් ක්‍රීඩා කර ඇත. එහිදී පාකිස්තානයට සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තරග දෙකම ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ටේ්‍රලියාව හමුවේ පරාජයට පත්විය.

 


අදහස් (0)

ඉන්දිය - ශ්‍රී ලංකා දිවා/රාත්‍රී ටෙස්ට් තරගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.