Last Update  :  2025-07-25 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඈෂ්ලි බාටිට ක්‍රිකට් පිටියෙන් ආරාධනා

ඈෂ්ලි බාටිට ක්‍රිකට් පිටියෙන් ආරාධනා

editorial - 2022 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෙනිස් පිටියෙන් සමුගත් ඈෂ්ලි බාටි, නැවතත් ක්‍රිකට් පිටියට පිවිසෙන්නේ නම් රතු පළස එළා ඇය පිළිගැනීමට තමන් සූදානම් බව බ්‍රිස්බේන් හීට් කණ්ඩායමේ නායිකා ජෙසිකා ජොනසන් පවසයි. 

“කණ්ඩායමේ ඕනෑම ස්ථානයක් සඳහා අපි එයාව ආයෙමත් ආදරෙන් පිළිගන්නවා. ඒක ක්‍රීඩිකාවන් වශයෙන් හෝ ආදර්ශ ක්‍රීඩිකාවක් වශයෙන් වෙන්නත් පුළුවන්” යයි මේ වනවිටත් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වෙමින් සිටින බ්‍රිස්බේන් හීට් නායිකා ජොනසන් පැවසුවාය. 

හිටපු ටෙනිස් ක්‍රීඩිකා ඈෂ්ලි බාටි, 2015 දී බි්‍රස්බේන් හීට් කණ්ඩායම නියෝජනය කළාය. 

“එයා අදහන්නත් බැරි ක්‍රීඩිකාවක්. අදහාගන්න බැරි චරිතයක්. එයා වගේ කෙනෙක්ව තියාගන්න නම් ඕනෑම කණ්ඩායමක් ඉතාමත් වාසනාවන්ත වෙන්න ඕනා” යයි බ්‍රිස්බේන් හීට් නායිකාව පැවසුවාය. 

ටෙනිස් පිටියෙන් සමුගත් ඈෂ්ලි බාටි තවමත් 25 වැනි වියේ සිටින්නීය. සිය අනාගතය කිනම් ගමන් මගක් ගනීද යන්න ඇය තහවුරු කර නැතත් අද (24 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඇය කියා සිටියේ “බලාගෙන ඉන්නකෝ” යන්නයි. 

ඇය සමග එකට බ්‍රිස්බේන් හීට් කණ්ඩායම නියෝජනය කළ බෙත් මූනි වත්මන් ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල සාමාජිකාවකි. 

“ඈෂ්ගේ හැටි එහෙම තමයි. එයා වැඩකරන්නේ එයාගේ තාලයට” යයි කී ජොනාසන්... 

“එයා දැන් විවාහ ගිවිසගෙන ඉන්නේ... එයාට පවුල කියන්නේ ලොකු දෙයක්. ඉතින් පවුලේ අයත් එක්ක වැඩි කාලයක් ගතකරන්න එයා හිතාගෙන ඉන්නවාද කියලාත් මට හිතෙනවා” යයි ද පැවසුවාය. 

 - 213


අදහස් (0)

ඈෂ්ලි බාටිට ක්‍රිකට් පිටියෙන් ආරාධනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.