Last Update  :  2025-10-15 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඇෆ්ඝනිස්ථානයෙන් බංග්ලාදේශයට පූර්ණ සුද්දයක්

ඇෆ්ඝනිස්ථානයෙන් බංග්ලාදේශයට පූර්ණ සුද්දයක්

editorial - 2025 ඔක් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ඇෆ්ඝනිස්ථානය සහ බංග්ලාදේශය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඊයේ (14 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 200 ක දැවැන්ත ලැබූ ඇෆ්ඝනිස්ථාන ක්‍රීඩකයෝ, දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට සමත් වූහ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 294 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශයට බිලාල් සාමි ප්‍රමුඛ ඇෆ්ඝනිස්ථාන පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 93 ක් පමණි. එහිදී බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ සයිෆ් හසන් පන්දු 54 කදී ලකුණු 43 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි. 

විශිෂ්ඨ පන්දු යැවීමක නිතර වූ බිලාල් සාමි ඕවර 7.1 ක් යවමින් ලකුණු 33 කට කඩුලු 5 ක් බිඳහෙළුවේ සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කරමිනි. බංග්ලාදේශ කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් නායක රෂීඩ් ඛාන් ඕවර 6 ක් යවමින් ලකුණු 12 කට කඩුලු 3 ක් දවාගත්තේය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්ථානය ඕවර 50 ක් අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 293 ක් ලබාගත්තේය. පිට පිටම දෙවැනි වරටත් අගනා පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ඊබ්‍රහීම් සද්‍රාන් පන්දු 1111 කට මුහුණ දෙමින් ලකුණු 95 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමගිනි. 

රහ්මනුල්ලා ගුර්බාස් (42) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 96 කදී ලකුණු 99 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඊබ්‍රහීම් සමත් වූ අතර පන්දු 44 කදී වාර්තා වූ ගුර්බාස්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය. මොහොමඩ් නබී පන්දු 37 කින් නොදැවී ලකුණු 62 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි. 


ඇෆ්ඝනිස්ථානය - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 293
(රහ්මනුල්ලා ගුර්බාස් 42, ඊබ්‍රහිම් සද්‍රාන් 95, සෙදිකුල්ලා ආතල් 29, අස්මතුල්ලා ඔමර්සායි 20, මොහොමඩ් නබී නොදැවී 62, සයිෆ් හසන් 06/3, තන්වීර් ඉස්ලාම් 46/2, හසන් මහමුද් 57/2) 

බංග්ලාදේශය - ඕවර 27.1 කදී සියලු දෙනා දැවී 93 
(සයිෆ් හසන් 43, බිලාල් සාමි 33/5, රෂීඩ් ඛාන් 12/3) 

-036  


අදහස් (0)

ඇෆ්ඝනිස්ථානයෙන් බංග්ලාදේශයට පූර්ණ සුද්දයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.