
විස්සයි-20 ලෝක කුසලන ක්‍රිකට් තරගාවලියේ ‘ඩී’ කාණ්ඩය යටතේ ඊයේ (16 වැනිදා) දිල්ලි නුවර අරුන් ජයිට්ලි ක්‍රීඩාංගණයේ පැවැති මූලික වටයේ තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට ඇෆ්ඝනිස්ථානය සමත් විය. මෙම තරගාවලියේදී ඇෆ්ඝනිස්ථානය ලැබූ පළමු ජයග්‍රහණය මෙය විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 161 ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ඝනිස්ථාන ක්‍රීඩකයෝ පන්දු 4 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී පන්දු 12 කට මුහුණදුන් අස්මතුල්ලා ඔමර්සායි හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 40 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
ආරම්භක පිතිකරු ඊබ්‍රහීම් සද්‍රාන් පන්දු 41 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 53 ක්ද, දර්විස් රසූලි පන්දු 23 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 33 ක්ද රැස්කරමින් ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා දායකත්වය දැක්වූහ. එහිදී ජුනේඩ් සිද්ධික් සහ මුහම්මද් අෆ්රාන් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වූහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඕවර 20 අවසානයේ කඩුලු 9 ක දැවී ලකුණු 160 ක් ලබාගත්තේය. එමීර් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ සොහෙබ් ඛාන් පන්දු 48 කින් ලකුණු 68 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් සමගිනි. අලිෂාන් ශරාෆු පන්දු 31 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 40 ක් රැස්කළේය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 160
(අලිෂාන් ශරාෆු 40, සොහෙබ් ඛාන් 68, අස්මතුල්ලා ඔමර්සායි 15/4, මුජිබුර් රහමන් 31/2)
ඇෆ්ඝනිස්ථානය - ඕවර 19.2 කදී කඩුලු 5 ක් දැවී 162
(ඊබ්‍රහීම් සද්‍රාන් 53, සෙදිකුල්ලා අතාල් 16, දර්විෂ් රසූල් 33, අස්මතුල්ලා ඔමර්සායි නොදැවි 40, ජුනේඩ් සිද්ධික් 23/2, මුහම්මද් අෆ්රාන් 30/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.