Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඇලිසා හීලිගේ (72) පිතිහරඹයත්, පන්දු යවන්නියන්ගේ දක්ෂතාත් හේතුවෙන් පාකිස්තානයට එරෙහිව බේ ඕවල්හිදී අද (8 වැනිදා) පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියේ 6 වැනි තරගය කඩුලු 6 කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්විය. ජයග්‍රහණය සඳහා ලකුණු 191 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියාව ඕවර 34.4 කදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියේය.
ආරම්භක පිතිකාරිණි ඇලීසා හීලි පන්දු 79 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 72 ක් ලබාගත් අතර රැචෙල් හේන්ස් ලකුණු 34 ක්, මෙග් ලැනිංග් ලකුණු 35 ක්, එලීසා පෙරී නොදැවී ලකුණු 26 ක් සහ බෙත් මූනි නොදැවී ලකුණු 23 ක් ලබාගනිමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.
පාකිස්තානු නායිකාව පන්දු යවන්නන් 6 දෙනෙකු උපයෝගී කරගත්ත ද සිය ලකුණු 190 සංඛ්‍යාව ආරක්‍ෂා කර ගැනීමට ඔවුහු අපොහොසත් වූහ. ඔමයිමා සොහෙල් ලකුණු 39 කට කඩුලු 2 ක් දවාගත් අතර නෂ්රා සන්ධූ කඩුල්ලක් දවාගත්තාය.
කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු නායිකාව පළමුව පන්දුවට පහරදීම සඳහා පාකිස්තාන කණ්ඩායමට ආරාධනා කළ අතර නියමිත ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 190 ක් පමණි. බිස්මා මාරූෆ් (නොදැවී 78) සහ ආලියා රියාස් (53) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වුවද ඔවුන්ගේ ලකුණු රැස්කිරීමේ වේගය අඩාල වීම හේතුවෙන් පාකිස්තාන කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා විය.
බිස්මා මාරූෆ් පන්දු 122 කදී හතරේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 78 ක් ලබාගත් අතර ආලියා රියාස් පන්දු 109 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 53 ක් ලබාගත්තාය. ඔවුන් දෙදෙනා එක්ව 5 වැනි කඩුල්ල සඳහා පන්දු 188 කදී ලකුණු 99 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.
අලානා කිංග් ලකුණු 24 කට කඩුලු 2 ක් දවාගත් අතර මේගන් ෂූට්, එලිස් පේරී, ඇමන්ඩා වෙලින්ටන් සහ නිකොලා කේරී කඩුල්ල බැගින් දවාගැනීමට සමත්වූහ.
ඇලිසා හීලී තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගත්තාය.
පාකිස්තානය - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 190
(බිස්මා මාරූෆ් නොදැවී 78, ආලියා රියාස් 53, ඇලානා කිංග් 24/2)
ඕස්ට්‍රේලියාව - ඕවර 34.4 කදී කඩුලු 3 ක් දැවී 193
(ඇලිසා හීලි 72, රැචෙල් හේන්ස් 34, මෙග් ලැනිංග් 35, එලීසා පෙරී නොදැවී 26, බෙත් මූනි නොදැවී 23, ඔමයිමා සෙහෙල් 39/2)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.