Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
කොළඹ නිදහස් මාවතේ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී අද (18) පෙරවරු 10 කැදවීමට යොදා ගෙන තිබූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය (2025 - 27) සති දෙකකින් කල් දමන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (රාජකාරී ආවරණ) වී.ප්‍රේමචන්දිරන් මහතා සෙනසුරාදා (16) රාත්‍රීයේදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය වෙත නිකුත් කළ නිවේදනයක දැක්වේ.
එම නිවේදනයට අනුව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා එදිනම රාත්‍රීයේදී නිකුත් කළ නිවේදනයක දැක්වුණේ නොවැළැක්විය හැකි හේතුන් මත මලල ක්‍රීඩා නිලවරණය අගෝස්තු 18 වැනිදා නොපැවැත්වෙන බවත් එය නැවැත පැවැත්වෙන දිනය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දැනුම්දීමට ක්‍රියා කරනු ඇති බවත්ය.
කෙසේවූවත් ක්‍රීඩා ඇමැතිවරයාගේ උපදෙස් පරිදි අගෝස්තු 18 වැනිදා නිලවරණය යොදා ගත් පරිදි පැවැත්වීමට සිකුරාදා (15) පස්වරුවේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා (රාජකාරී ආවරණ) විසින් නිවේදනයක් මගින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය දැනුවත් කර තිබුණි.එහිදී ඔහු විසින්ම පැය 24 ක් ඉක්මයාමට මත්තෙන් එම නිවේදනය ඉවත් කර ගැනීම කැපී පෙනේ.
සිකුරාදා පස්වරුවේ ක්‍රීඩා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයට අනුව ලේකම් ධූරයට ඉදිරිපත්ව සිටින ඩබ්ලිව්.ඩී.ඩබ්ලිව්.සේනානායක මහතාගේ ඒ දක්වා ප්‍රතික්ෂේපව තිබූ නාම යෝජනාව පිළි ගැනීමට අභියාචනා උපදේශක කමිටුව නියම කර තිබුණි. එහෙත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ වත්මන් විධායක සභාව දැනුවත් කර සිටියේ ක්‍රීඩා පනතේ රෙගුලාසි කීපයක්ම උල්ලංඝණය වන බැවින් එය නිවැරදි කර ගන්නා තුරු නිලවරණය කල් දැමීම සුදුසු බවයි.
නාමයෝජනා විරෝධතා කීපයක තීන්දු හා නිලවරණ කමිටුවට එරෙහිව ගොනු කර තිබූ විරෝධතා සදහා ඒ වන විට අභියාචනා උපදේශක කමිටුව සිය තීන්දු ප්‍රකාශ නොකිරීමෙන් 2025 අංක 01 දරන ජාතික ක්‍රීඩා සංගම් රෙගුලාසී දෙකක් උල්ලංඝණය වන බවට එහිදී මලල ක්‍රීඩා ආයතනය ප්‍රකාශ කර තිබුණි. ඒ සදහා ක්‍රීඩා පනතට අනුව ගත වෙන කාළය සැළකිල්ලට ගැනීමේදී අගෝස්තු18 වැනිදා නිලවරණය පැවැත්වීම අපහසු යයි ප්‍රකාශ කළ මලල ක්‍රීඩා ආයතනයේ වත්මන් විධායක සභාව දින අනූවක කාලයකට නිලවරණය කල් දමන ලෙසද ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතාගෙන් ඉල්ලා තිබුණි.
ඒ වන විට නිලවරණ කමිටුව සම්බන්ධයෙන්ද ඇතිවී තිබූ මතභේදාත්මක කාරණා මත නිලවරණය කැදවීමේදී පැන නැගී තිබූ අර්බුදකාරී තත්වය තවත් උග්‍රවී තිබුණි.ඒ අතර නිලවරණ කමිටුවේ සාමාජික,හිටපු සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්.බී. වික්‍රමසිංහ මහතා සිය සුදුසුකම් සනාථ කරන තුරු කමිටුවෙන් ඉවත් කරන බව මලල ක්‍රීඩා ආයතනයේ ලේකම්වරයා සිකුරාදා වන විට ඔහුට දැනුම්දී තිබුණි.
මේ අතර ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය (2025 - 27) සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටළුකාරී තත්වය උත්සන්න වීමට නිලවරණ කමිටුව පත් කිරීම අරභයා මේ වන විට පැන නැගී තිබෙන සංයුතියේ ගැටළුවක්ද හේතුවී තිබේ. ඒ නිලවරණ කමිටුව පත් කිරීමේදී මලල ක්‍රීඩා ආයතනය ක්‍රීඩා පනතට අනුව ඒ ශ්‍රේණියේ ජාතික ක්‍රීඩා සංගමයක් නොවන බවට මේ වන විට කරුණු හෙළිදරව් වීමයි.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය බී ශ්‍රේණියේ ජාතික ක්‍රීඩා සංගමයක් වන බවත් ඊට අදාළව නිලවරණ කමිටුවක් පත් කර ගැනීමේදී විශ්‍රාමලත් මහාධිකරණ හෝ අභියාචනාධිකරණ එක් විනිසුරුවරයෙකු පමණක් එහි සංයුතියට ප්‍රමාණවත් බවත් ක්‍රීඩා අමාත්‍යාංශයේ බලලත් නියෝජිතයෙකුද සංයුතියට ඇතුළත් කර ගත යුතු බවත් 2025 ජාතික ක්‍රීඩා සංගම් රෙගුලාසි මාලාවේ දැක්වේ.
මලල ක්‍රීඩා නිලවරණය සදහා දැනට පත් කර ඇති විශ්‍රාමික මහාධිකරණ විනිසුරු නිමල් නම්බුවසම් මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල නිලවරණ කමිටුවට විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවන් දෙදෙනකුම ඇතුළත් වන අතර ක්‍රීඩා අමාත්‍යාංශ නියෝජිතයාද ඊට පත් කර නැත.
මෙම දෝෂසහගත තත්වයන් මත නැවැත නිලවරණය කැදවීමට පෙර දැනට පවතින නිලවරණ කමිටුව සංශෝධනය කෙරෙනු ඇතැයිද වැඩිදුරටත් වාර්තාවේ. වසර 2018 සිට යාවත්කාළීන නොකිරීමේ ප්‍රශ්නයක් මත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය ජාතික ක්‍රීඩා සංගම් බී කාන්ඩය වෙනුවට ඒ කාන්ඩයට මෙලෙස නිර්දේශ කර ඇතැයිද වාර්තාවේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.