Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පිට පිට පන්දු දෙකකදී චෙටේස්වාර් පුජාරා (00) සහ විරාට් කෝලි (00) දෙදෙනාම දවාගත් ජේම්ස් ඇන්ඩසන් ඉන්දියාවට එරෙහිව ටේරන්ට්බි්‍රජ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (5 වැනිදා) සංචාරක පිල නොසිතූ අමාරුවක දැම්මේය. එංගලන්ත කණ්ඩායම ලබාගත් ලකුණු 183 කට සාර්ථක පිළිතුරක් දෙමින් සිටි ඉන්දිය පිතිකරුවෝ දිවා ආහාරයේ සුවඳ දැනෙන විටත් කිසිවකු නොදැවී ලකණු 97 ක් ලබා සිටි නමුත් ඇන්ඩසන්ගේ හදිසි වික්‍රමය හේතුවෙන් ලකුණු 112 ක් වන විට කඩුලු 4 ක් අහිමි කරගත්හ.
මන්දාලෝකය සහ පසුව ඇතිවූ වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාව තාවකාලිකව නතර කරන විට ඉන්දීය පිල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 125 ක් ලබා සිටියේය.
වළාකුලින් බර අහස්කුස හේතුවෙන් පන්දුවේ හොඳ දෝලනයක් තිබිණ. එබැවින් බවුන්සර් පන්දුව මෙම තරගයේදී වැඩිපුර භාවිතා කළ එකක් නොවීය. එහෙත් ආරම්භක පිතිකරුවන් දෙදෙනා අතර ශතක සම්බන්ධතාව සම්පූර්ණ වෙන්න ඔන්න මෙන්න තිබියදී ඔලී රොබින්සන් බවුන්සර් පන්දුව ප්‍රයෝජනයට ගත්තේය. රෝහිත් ෂර්මාගේ පා ඉන්න පැත්තෙන් ක්‍රීඩකයන් රඳවා, පිටියේ මැද කෙටෙන ලෙස බවුන්සර් පන්දු යැවූ රොබින්සන්ගේ පෙළඹවීම දමනය කරගත නොහැකි වූ බැවින් ෂර්මා අමාරුවේ වැටිණ.
ෂර්මා දැවී යාමත් සමගින් දිවා ආහාරය ගත් ඉන්දියානුවෝ ඒ වන විටත් තරගයේ ග්‍රහණය රඳවගෙන සිටියහ. එංගලන්තය හමුවේ පළමු ඉනිමේ වාසියක් අත්කර ගැනීමට ඔවුන්ට අවශ්‍ය වූයේ තවත් ලකුණු 86 ක් වුවද කඩුලු 9 ක් ඔවුන් සතුව තිබිණ. එහෙත් දිවා ආහාරයෙන් පසුව චෙටේස්වාර් පුජාරාගේ ඉනිම ලකුණු 4 කට සීමා කළ ජේම්ස් ඇන්ඩසන්, ඊළඟ පන්දුවේදී විරාට් කෝලි ආපසු ක්‍රීඩාගාරයට යැවූයේ ඔහුගේ ඉනිම විනාඩි 2 කට සීමා කරමිනි.
මේ අතරවාරයේදී පන්දු යවන්නාගේ අන්තයේ සිටි අජින්ක්‍යා රහනේ, නොතිබූ ලකුණක් සොයා දිවයමින් සිය කඩුල්ල අහිමි කරගත්තේ ජොනී බෙයාර්ස්ටෝ දමාගැසූ පන්දුව එක එල්ලේම කඩුල්ලේ වැදුණු බැවිනි.
ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි දෙවසර ආරම්භ කරමින් පැවැත්වෙන මෙම තරගය තරග 5 කින් සමන්විත තරගාවලියක පළමු වැන්නයි.
එංගලන්තය - පළමු ඉනිම 183 යි
(ඩොමිනික් සිබ්ලි 18, සැක් ක්‍රෝලි 27, ජෝ රූට් 64, ජොනී බෙයාර්ස්ටෝ 29, සෑම් කරන් නොදැවී 27, ජස්ප්‍රීට් බුම්රා 46/4, මොහොමඩ් සාමි 28/3, ශර්දුල් ඨාකූර් 41/2)
ඉන්දීයාව - පළමු ඉනිම කඩුලු 4 ට 125 යි
(රෝහිත් ෂර්මා 36, ලෝකේෂ් රාහුල් නොදැවී 57, ජේම්ස් ඇන්ඩසන් 15/2, ඔලී රොබින්සන් 32/1)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.