Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
එළබෙන අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය, මේ වන විට රටතුළ පවතින අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත රැගෙන යෑමට ආසියානු ක්‍රිකට් සභාව තීරණය කර තිබේ.
කෙසේ වුවත් ශ්‍රි ලංකාව තවදුරටත් තරගාවලියේ සත්කාරකයන් ලෙස කටයුතු කරන අතර ඔවුන් එක්සත් අරාබි එමීර් ක්‍රිකට් පාලක මණ්ඩලය සමග එක්ව තරගාවලියේ සංවිධාන කටයුතු මෙහෙයවනු ඇත. තරගාවලිය අගෝස්තු මස 27 වැනිදා සිට සැප්තැම්බර් මස 11 වැනිදා දක්වා ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සහ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
කණ්ඩායම් 6 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ ඇෆ්ඝනිස්ථානය මේ වන විටත් සුදුසුකම් ලබා සිටිති. තරගාවලියට එක්වන සෙසු කණ්ඩායම තෝරාගැනීම සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියක් පැවැත්වෙන අතර එහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේටය, සිංගප්පූරුව සහ හොං කොං දේශය තරග වැදීමට නියමිතය.
ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි දක්වන උද්යෝගය හේතුවෙන් තරගාවලිය ශ්‍රී ලංකාවෙන් පිටතට රැගෙන යෑමේ අවසන් තීරණය ගැනීමට ඉතා අසීරු වූ නමුත්, රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී එය අවශ්‍ය යැයි සලකනු ලැබීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බව ආසියානු ක්‍රිකට් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
ආසියානු ක්‍රිකට් සභාව ක්‍රීඩාවට මෙන්ම සියලුම ක්‍රීඩා ලෝලීන්ටද සහයෝගය දැක්වීමට කැපවී සිටින බවද, නියමිත පරිදි තරගාවලිය පවත්වාගෙන යෑම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගන්නා ලද නොසැලෙන උත්සාහයන් පිළිබඳව සිය කෘතඥතාව පළකර සිටින බවද එම නිවේදනයේ සඳහන් වේ.
“ආසියානු කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේදී පවත්වන්න අපි හැකි හැම උත්සාහයක්ම ගත්තා. එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගෙන යෑමට තීරණය කළේ බොහෝ සාකච්ඡාවලින් පසුවයි. තරගාවලිය පැවැත්වෙන ස්ථානය වෙනස් වුණාට එහි සත්කාරකත්වයේ වෙනසක් වෙන්නෙ නෑ. එක්ව කටයුතු කිරීමට එකඟ වීම වෙනුවෙන් මම ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට සහ එක්සත් අරාබි එමීර් ක්‍රිකට් පාලක මණ්ඩලයට ස්තූතිවන්ත වෙනවා.” යැයි ආසියානු ක්‍රිකට් සභාවේ සභාපති ජායි ෂා මහතා පැවසීය.
“අපි බලාපොරොත්තු වූණේ ආසියානු කුසලාන තරගාවලිය සඳහා අපේ අසල්වැසියන්ට ශ්‍රී ලංකාව තුළ සත්කාරකත්වය ලබා දීමටයි. කෙසේ වුවත් පවතින තත්ත්වය මත තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගෙන යෑමට ආසියානු ක්‍රිකට් සභාව ගත් තීරණය සමග මම එකඟ වෙනවා. ආසියානු ක්‍රිකට් සභාව සහ එක්සත් අරාබි එමීර් ක්‍රිකට් පාලක මණ්ඩලය සමග එක්ව තරගාවලිය සාර්ථක කර ගැනීම සඳහා උපරිම දායකත්වය ලබා දෙනවා.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ශම්මි සිල්වා මහතා කියා සිටියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.