Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
මෙම වසරේ (2022) සැප්තැම්බර් මස 10 වැනිදා සිට 25 වැනිදා දක්වා චීනයේ හංජෝ නුවරදී පැවැත්වීමට නියමිතව තිබූ 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙල දින නියමයකින් තොරව කල් දැමීමට ආසියානු ඔලිම්පික් කමිටුව පියවර ගෙන තිබේ.
ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආසියානු ඔලිම්පික් කමිටුව කියා සිටින්නේ චීනය තුළ කොරෝනා වයිරසය යළිත් හිස එසවීම හේතුවෙන් ආසියානු ක්‍රීඩා උළෙල කල්දැමීමට සිදුවන බවත්, එය පැවැත්වෙන නව දින වකවානු ඉදිරියේදී දැනුම්දෙන බවත්ය.
මේ අතර කොරෝනා වසංගතය හේතුවෙන් මින් පෙර සිටම කල් දමා තිබූ ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල අවලංගු කර දැමීමටද ආසියානු ඔලිම්පික් කමිටුව කටයුතු කර තිබේ. එම ක්‍රීඩා උළෙල මෙම වසරේ දෙසැම්බර් මාසයේදී චීනයේ ශැන්ටෝ නුවරදී පැවැත්වීමට නියමිතව තිබිණ.
ඉකුත් මාර්තු මාසයේදී යළිත් ඉහළ යාමට පටන් ගත් කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව මැඩපැවැත්වීමට බලධාරීන් උත්සාහ ගන්නා බැවින් ෂැංහයි නුවර දැඩි සීමාවන් ක්‍රියාත්මක වේ. ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිත හංජෝ නුවර පිහිටා ඇත්තේ ෂැංහායි නුවර සිට කිලෝ මීටර 175 ක් දුරිනි.
“කොරෝනා වසංගතය හේතුවෙන් ඇතිවූ ගෝලීය අර්බුදය හමුවේ වුවද, සැලසුම් කළ පරිදිම ආසියානු ක්‍රීඩා උළෙල පවත්වන්න එහි සංවිධායක කමිටුව සූදානමින් සිටියා. කෙසේ වුවත් වර්ථමාන තත්ත්වය පිළිබඳව සියුම් ලෙස සලකා බැලීමෙන් පසුව සියලුම කොටස්කරුවන්ගේ කැමැත්ත මත අපට මෙම තීරණය ගැනීමට සිදුවුණා.” යැයි ආසියානු ඔලිම්පික් කමිටු නිවේදනයේ සඳහන් විය.
දැඩි සෞඛ්‍යාරක්ෂික විදි විධාන යටතේ ඉකුත් පෙබරවාරි මාසයේදී ශ්‍රීත ඍතු ඔලිම්පික් තරගාවලියත්, මාර්තු මාසයේදී පැරලිම්පික් තරගාවලියත් බීජිං නුවරදී සාර්ථකව පැවැත්වීමට චීනය සමත් විය.
මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ තරග ඉසව් 15 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව සූදානමින් සිටි අතර ඒ සඳහා වන මලල ක්‍රීඩා, වෙරළ වොලිබොල් සහ රග්බි කණ්ඩායම් මේ වන විටත් නම් කර තිබිණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.