Last Update  :  2024-05-17 11:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආසියා ශාන්තිකර කලාපීය තරග අනිද්දා සිට
ඩේවිස් කුසලාන

ආසියා ශාන්තිකර කලාපීය තරග අනිද්දා සිට

editorial - 2023 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ටෙනිස් ක්‍රීඩාවේ පිරිමි ලෝක කුසලාන තරගාවලිය ලෙස හැඳින්වෙන ඩේව්ස් කුසලාන තරගාවලියේ (2023) ආසියා ශාන්තිකර කලාපීය III වැනි කොටසේ තරග අනිද්දා (26 වැනිදා) සිට එළබෙන 30 වැනිදා දක්වා කණ්ඩායම් 8 ක සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

සත්කාරක ශ්‍රී ලංකාවට අමතරව කාම්බෝජය, ඉරානය, මැලේසියාව, ජෝර්දානය, පැසිපික් ශාන්තිකර කලාපය, සවුදි අරාබිය සහ වියට්නාමය යන කණ්ඩායම් මෙම තරගාවලියට සහභාගි වන අතර මූලික වටයේදී මෙම කණ්ඩායම් 4 දෙනා බැගින් වූ කාණ්ඩ දෙකක් යටතේ ලීග් ක්‍රමයට අනුව තරග වැදීමට නියමිතය. 

කාණ්ඩ දෙකේ පළමු ස්ථාන හිමිකරගන්නා කණ්ඩායම් දෙක ඍජුවම ලබන වසරේදී (2024) ආසියා ශාන්තිකර කලාපීය »» වැනි කොටස යටතේ තරග වැදීමට සුදුසුකම් ලබනු ඇත. එමෙන්ම කාණ්ඩ දෙකේ අවසන් ස්ථානවලට පත්වන කණ්ඩායම් දෙක ලබන වසරේදී ආසියා ශාන්තිකර කලාපීය »¼ වැනි කොටස දක්වා පහළට වැටෙනු ඇත. 

මූලික වටය අවසානයේ කාණ්ඩ දෙකේ දෙවැනි ස්ථානවලට පත්වන කණ්ඩායම් දෙක අතරේ පිළිමළුන් පිටුදැකීමේ තරගයක් පැවැත්වෙන අතර ඉන් ජයගන්නා කණ්ඩායමටද ලබන වසරේදී ආසියා ශාන්තිකර කලාපීය »» වැනි කොටස යටතේ තරග වැදීමට අවස්ථාව උදාවනු ඇත. 

තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට චාතූර්ය නිලවීර, ටෙහාන් විජේමාන්න, අෂේන් සිල්වා, ධිල්වන් හේරාත් සහ අප්න පෙරේරා ඇතුළත්ව සිටින අතර කණ්ඩායමේ ක්‍රීඩා නොකරන නායකයා ලෙස රෙනුක් විජේමාන්න නම් කර තිබේ. 

ඔවුන් අතරින් ටෙහාන් 2020 වසරේ සිටද, චාතූර්ය 2021 වසරේ සිටද fඩිව්ස් කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත. අෂේන් සිල්වා ඉකුත් වසරේදී (2022) ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටියද, ඔහුට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබිණ. ධිල්වන් හේරත් සහ අප්න පෙරේරා ඩේවිස් කුසලාන තරගාවලියට සහභාගි වන පළමු අවස්ථාව මෙය වේ. 

 


අදහස් (0)

ආසියා ශාන්තිකර කලාපීය තරග අනිද්දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.